• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අලිවැට සංරක්ෂණය සඳහා බහුකාර්ය නිලධාරීන් 4,500ක් අනුයුක්ත කර ගැනීමට අනුමැතිය – ඇමැතිනි පවිත්‍රා

11 March 2024
in දේශීය, පුවත්
අලිවැට සංරක්ෂණය සඳහා බහුකාර්ය නිලධාරීන් 4,500ක් අනුයුක්ත කර ගැනීමට අනුමැතිය – ඇමැතිනි පවිත්‍රා

අලිවැට සංරක්ෂණය සඳහා බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 4,500ක් වනජීවි අමාත්‍යාංශයට අනුයුක්ත කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වී තිබෙන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

එමෙන්ම මෙරට වන ගහණය මුළු භූමි ප්‍රමාණයෙන් 32%ක් දක්වා වර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළව වනාන්තරවල සීමා මායිම් සලකුණු කිරීම මෙම වසරේ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (11) ජනාධිපති
මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය ” ජාත්‍යන්තර වනාන්තර දිනය මාර්තු මස 21 වනදාට යෙදී තිබෙනවා. ඊට සමගාමීව දිවයින පුරා සිටින සියලූම නිවාස වෙත එක් පැලයක් බැගින් ලබාදීමට කටයුතු කරනවා. ඒ සඳහා වන ව්‍යාප්ති නිලධාරීන් යෙදවීමට අප කටයුතු කරනවා. ජල පෝෂක කලාප ආරක්ෂා කරමින් වන ගහණය වර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙලක් මේ වන විටත් යොදා තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරෙන මෙම වැඩපිළිවෙල දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා. එමෙන්ම මෙරට වන ගහණය මුළු භූමි ප්‍රමාණයෙන් 32%ක් දක්වා වර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළව වනාන්තරවල සීමා මායිම් සලකුණු කිරීම මෙම වසරේ අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එය අප අමාත්‍යාංශයට අයත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු කටයුත්තක්. ඒ වගේම උමාඔය පළමු වන අදියර සාර්ථක ලෙස අවසන් කර තිබෙනවා. එමඟින් ඉඩම් අක්කර 20,000කට අලුතින් ජලය ලබාදීමට කටයුතු කර තිබෙනවා. MCM 45ක පානීය ජලය පහල උමාඔය ප්‍රදේශයට ලබාදීමටත්, මෙගාවොට් 120ක ජල විදුලිය ලබා ගැනීම සඳහා පරීක්ෂණ මට්ටමේ පෙරහුරුව සිදුකරමින් පවතිනවා. ඉන් මෙගා වොට් 120ක ජල විදුලි නිෂ්පාදනයක් ජාතික පද්ධතියට එකතු කිරීමට ද නියමිතයි. තවද මිනිපේ අමුණ මඟින් යල-මහ කන්න ගොවිතැන් කිරීම සඳහා හෙක්ටයාර් 7,500කට වාරි පහසුකම් ලැබී තිබෙනවා. ඒ සඳහා මිනිපේ අමුණ මීටර් 3.5ක් සංවර්ධනය කර කිලෝ මීටර් 74ක් දක්වා වතුර ගෙන යාමට අවශ්‍ය ඇල මාර්ගය සම්පූර්ණයෙන්ම සකස් කර තිබෙනවා. පවුල් 15,500ක් එමඟින් ප්‍රතිලාභ ලබනවා.එමෙන්ම වයඹ ඇල මාර්ගය මඟින් වෑ මැඩිල්ල ජලාශයේ සිට කිලෝමීටර් 90ක් වයඹ දිශාවේ ඇති කුඩා වැව් 350ක්, සහ මධ්‍යම ප්‍රමාණයේ වැව් 07ක්, සඳහා ජලය ලබාදීමටත් කටයුතු කර කෙරෙනවා. එම ඇල මාර්ගය අතරමැද කිලෝමීටර් දෙකක උමං මාර්ගයක් ඉදිකිරීමට ද නියමිත අතර ප්‍රධාන වැව් දෙකක් ද ප්‍රතිසංස්කරණය කිරීමට තිබෙනවා. මෙම ව්‍යාපෘතිය මඟින් පවුල් 75,000ක් සඳහා සුරක්ෂිත වාරි ජලය සහ පානීය ජලය MCM 10ක් ලබාදීමට හැකි වනවා. ඒ වගේම උතුරු මැද පළාතට වාරි ජලය රැගෙන යාම සඳහා මොරගහකන්ද ජලාශයෙන් හුරුලු වැව සහ මහකනදරාව දක්වා කිලෝ මීටර් 96ක ඇළ මාර්ගයක් ඉදිකෙරෙමින් පවතිනවා. එය කිලෝමීටර් 28කින් යුත් උමං මාර්ගයකින් ද සමන්විතයි. ඉන් හෙක්ටයාර් 2,300ක් සහ පවුල් 175,000ක් සඳහා සුරක්ෂිත ජල පහසුකම සහ පානීය ජලය MCM 40ක් ලබාදීමට ද නියමිතයි. කුඩා වැව් 1,300ක් සදහා ජලය ගෙන යාමට ද හැකියි. තවද අලිවැට සංරක්ෂණය සඳහා බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 4,500ක් වනජීවි අමාත්‍යාංශයට අනුයුක්ත කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ සඳහා නව සේවකයින් බඳවා ගැනීමක් සිදු කෙරෙන්නේ නැහැ. අමාත්‍යාංශයට අනුයුක්ත කර ගැනීම සඳහා අනුමැතිය හිමි වී ඇති බහුකාර්ය සංවර්ධන නිලධාරීන් දැනටමත් අලි වැට සංරක්ෂණය සඳහා කටයුතු කරමින් සිටින බව ද පැවසිය යුතුයි.

Post Views: 6,671
Previous Post

උඩරට ‍නර්තන කලාවේ වෙස් ඇදුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කල යුතුයි – ඇමැති විදුර

Next Post

ලග්ගල කිරි අම්මා උල්පත සංචාරකයින්ට සුදුසු ලෙස සකස් කරන්න මධ්‍යම ආණ්ඩුකාර උපදෙස් දෙයි

editor ttvnews

editor ttvnews

Next Post
ලග්ගල කිරි අම්මා උල්පත සංචාරකයින්ට සුදුසු ලෙස සකස් කරන්න මධ්‍යම ආණ්ඩුකාර උපදෙස් දෙයි

ලග්ගල කිරි අම්මා උල්පත සංචාරකයින්ට සුදුසු ලෙස සකස් කරන්න මධ්‍යම ආණ්ඩුකාර උපදෙස් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved