• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අලුත් නායකත්වයක් රටට අවශ්‍යයි – ඇමැති පාඨලි

24 September 2019
in දේශීය

රට ගොඩනගන්න පුලුවන් වෘත්තීය මට්ටමේ තරුණ අලූත් නායකත්ව පෙළක්, නායකත්ව කණ්ඩායමක් රටට අවශ්‍ය බව මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අමාත්‍යාංශයේ සුඛිත පුරවර වැඩසටහන යටතේ ඉදිකළ දොම්පේ පොළ ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට එක් වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “අගෝස්තු 24 වෙනිදා පක්ෂ නායකයින්ගේ රැස්වීමක් තිබුණා. එහිදී අපි එකඟතාවයක් ඇති කර ගත්තා මෙවර ජනාධිපතිවරණ අපේක්‍ෂකයා එක්සත් ජාතික පක්ෂයෙන් නම් කර එවන ලෙසටත්, සන්ධානයේ අනෙකුත් නායකයින් එක් වී එය අනුමත කිරීමටත්. ඒ සඳහා අපි කාලයක් ලබාදුන්නා අගෝස්තු 31 වෙනිදාට කලින් ඒ තිබෙන ප‍්‍රතිපාදන මත. නමුත් ඒක එහෙම උනේ නැහැ. ඒ වගේම අපට දැන් පෙනී යනවා විශාල කඹ ඇදිල්ලක් එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුරේ අපේ ජනතාවට කරන ලොකූ අසාධාරණයක්. එම නිසා තමයි අපි යෝජනා කළේ මෙම අපේක්‍ෂකයා තෝරා ගැනීම සඳහා, පාර්ලිමේන්තුව නියෝජනය කරන යූ.එන්.පී. මන්ත්‍රීවරු 76 ක් සහ ස්වාධීන සහ පක්ෂවලට අයිති මන්ත්‍රීවරු 30 ක් සමග අපේ මන්ත‍්‍රීවරු 106 දෙනාට යෝජනා ඉදිරිපත් කර ඔවුනගේ අනුමැතිය ලබාගන්නා ලෙස. අපි පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්වීමක් ද පවත්වා එහිදීත් එම යෝජනාව සම්මත කර ගත්තා. එය තමයි මා හිතන්නේ මෙම අවස්ථාවේ තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදීම ක‍්‍රමවේදය ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගැනීමට. තව දෙයක් සඳහන් කළ යුතුයි, ඡන්දය ලැබෙන්නේ සමස්ථ ජනගහණයෙන්. රට ඉදිරියට ගෙනයන්න සාමුහික නායකත්වයක් අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම තරුණ නායකත්වයක් අවශ්‍ය වෙනවා. එක පවුලක පුද්ගලයෝ කිහිප දෙනෙක් රටේ ආර්ථිකය හසුරුවන ක‍්‍රමවේදයක් නෙමෙයි රට ගොඩනගන්න පුලුවන් වෘත්තීය මට්ටමේ තරුණ අලූත් නායකත්ව පෙළක්, නායකත්ව කණ්ඩායමක් රටට අවශ්‍යයි. මෙම ජනාධිපතිවරණයේදී එය අප රටට ඉදිරිපත් කරනවා “යැයි පැවසීය.

Post Views: 12
Previous Post

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ඔක් 30-31 දෙදින තුළ

Next Post

ආනයනය කරන ලද වාහන හිමිකරුවන්ට සහන සැලසීමට රජය තීරණය

editor

editor

Next Post

ආනයනය කරන ලද වාහන හිමිකරුවන්ට සහන සැලසීමට රජය තීරණය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved