• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අවුරුද්දෙන් පසුව කොළඹට මගීන් ගේන්න ඒකාබද්ධ මෙහෙයුමක්

18 April 2019
in සංවර්ධන

අලුත් අවුරුද්දෙන් පසුව ඈත ගම්වල සිට කොළඹට පැමිණෙන මගී ජනතාව සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි. එම මෙහෙයුම පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ අවුරුද්දට ගම්බිම්බලා පිටත්ව ගිය ජනතාවට උපරිම සේවාවක් ලබා දීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ජාතික ගමනාගමන කොමිසම් සභාව සමත්ව ඇති බවයි.

පසුගිය අටවැනිදා සිට 13 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ලැබූ රුපියල් මිලියන 400ක ආදායමත් එම කාලය තුළදී කිසිදු දුම්රියක් අවලංගු නොකිරීමත්, පෞද්ගලික බස්රථවල සේවාව ගැන ලැබුණු පැමිණිලි ඉතාම අඩු වීමත් එම සාර්ථකත්වය පෙන්නුම් කරන සාධක බවද අමාත්‍යවරයා පැවසීය. එම සාර්ථකත්වය මත ලබා ගත් අත්දැකීම්ද උපයෝගි කර ගනිමින් ඉදිරි දින කිහිපයේදී ගම්වල සිට කොළඹ දක්වා පැමිණෙන මගීන්ටද උපරිම සේවාවක් ලබා දීමට කටයුතු යොදා ඇතැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.

ප්‍රවාහන අමාත්‍යාංශයේ අලුත් අවුරුදු ඒකාබද්ධ මෙහෙයුම ලබන 22 වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරේ. ඒ යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ 1350ක් ඈත ගම්වල සිට කොළඹ දක්වා ධාවනයට යොදවා ඇත. ඒ අනුව යොදවා ඇති පෞද්ගලික බස්රථ ගණන 3000ක් වේ. ඊට සමගාමීව විශේෂ දුම්රිය 11ක් අප්‍රේල් 20, 21, 22 යන තෙදින තුළදී ධාවනයට දුම්රිය දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනු ඇත.

 

Post Views: 6
Previous Post

දශක තුනක මාතර කතාව…. ! මංගලගේ දේශපාලන දිවියට වසර 30යි

Next Post

කළුතර මහ රෝහලේ දී මළ සිරුරු මාරුවීම ගැන පරීක්ෂණයක්

editor

editor

Next Post

කළුතර මහ රෝහලේ දී මළ සිරුරු මාරුවීම ගැන පරීක්ෂණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved