• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අස්වනු පුරෝකථන තොරතුරු පද්ධතියක් සැකසීමට උපදෙස්

21 November 2018
in සංවර්ධන

අස්වනු පුරෝකථන තොරතුරු පද්ධතියක් වහාව සකස් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ. අප රටේ වගා කෙරෙන පලතුරු එළවළු මෙන්ම ධාන්‍ය වර්ග වලින් වාර්ෂිකව ලබා ගත හැකි අස්වනු ප්‍රමාණය පිළිබඳව මෙතෙක් නිවරදිව පුරෝකථනය කළ හැකි  තොරතුරු පද්ධතියක් මෙතෙක් ස්ථාපිත කර නොමැති බව කෘෂි කර්ම අමාත්‍යංශය පවසයි.

මේ නිසා එක් එක් ප්‍රදේශවල ගොවීන්ගෙන් ඉදිරි දිනවල වෙළඳපලට පැමිණිය හැකි බෝග අස්වනු පිළිබඳව නිවරදිව තොරතුරු ප්‍රකාශ නොවන හෙයින් ල බොහෝ විට ගොවීන්ට තම අස්වනු අලෙවි කිරීමේ දී මෙන්මල පාරිභෝගිකයින් හට ඒවා මිලදී ගැනීමේදී ද අතරමැදියන්ගෙන් සූරාකෑමට ලක්වීමට සිදුවේ.

මෙම තතත්වය වළක්වාලීම සඳහා අස්වනු පුරෝකථන තොරතුරු පද්ධතියක් Crop forcast information system ( Crop Look ) සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට උපදෙස් දී ඇත.

දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් බෝග පුරෝකථන සැළැස්මක් ක්‍රියාත්මක කර තිබේ. එහෙත් එහි අඩුපාඩු සහිත නිසා නිවැරදි සැළැස්මක් සැකසිය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ගොවීන් විසින් වගාකරන එළවළුල පළතුරු හා ධාන්‍ය වල ලබා ගත හැකි අස්වනු ප්‍රමාණය හා අස්වනු ලබා ගත හැකි කාලය හඳුනා ගැනීම මඟින් එම බෝග ආනයනය වළක්වාලීමට පියවර ගත හැකිය. එමෙන්ම එමඟින් දේශීය ගොවියාට තම නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබාදිය හැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඉවක් බවක් නැතිව ඇතැම් බෝග වර්ග ආනයනය කිරීමට ඉඩදීම නිසා දේශීය ගොවීන්හට තම අස්වනු අළෙවි කර ගැනීමට නොහැකි වන අතරම, ඔවුන් වගාවෙන් ඉවත්වීමට ද එය බලපායි. වර්තමානයේ අල හා ලූනු ගොවීනට සිදුව ඇත්තේ එවැන්නක් බව ද කී අමාත්‍යවරයා ඉතා ඉක්මනින් අස්වනු පුරෝකථන තොරතුරු පද්ධතියක් සකස් කරන්නැයි ද උපදෙස් දෙනු ලැබීය.

Post Views: 10
Previous Post

අගවිනිසුරුට ලිපියක් යොමු නොකල බව කථානායක කියයි

Next Post

කැබිනට් මණ්ඩලය රැස්වෙයි – ගිය වසන්තත් වාඩි වෙයි

editor

editor

Next Post

කැබිනට් මණ්ඩලය රැස්වෙයි - ගිය වසන්තත් වාඩි වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved