• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණ්ඩුවේ වැඩ නිසා ජනතාවට පිඩාවට පත්ව ඇති බව විපක්ෂනායක කියයි

23 May 2019
in දේශීය

පාරවල් වහගෙන යන ප‍්‍රභූන්ට ජනතාවගෙන් එල්ල වෙන විරෝධයෙන් පේන්නේ ජනතාව සිටින පීඩනයේ තරම බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මෙසේ පැවසුවේ අද (23) බත්තරමුල්ල නෙලූම්මාවත ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති උතුරු නැගෙනහිර පක්ෂ කි‍්‍රයාකාරිකයින්ගේ හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා “වරෙක 225ම එපා කියනවා. තවත් වරෙක දේශපාලනඥයෙක් නොවන පුද්ගලයෙක් රටේ පාලකයා විය යුතුයි කියනවා. මේ විදියට ජනතාව ගොනාට ඇන්දවිමට සමහර පුද්ගලයින් කටයුතු කරනවා. මේ අය තමන්ද කරන්නේ දේශපාලන කොන්ත‍්‍රාත්තුවක් බව වසන් කරනවා. බටහිර න්‍යාය පත‍්‍රවලට අනුව මේ කණ්ඩායම් තෝරා ගන්න පුද්ගලයාත් අවසානයේදී දේශපාලනයේම නිරත වෙන බව ජනතාවට වසන් කිරීමෙන් සිද්ධ වෙන්නේ රට තවත් අගාධයකට තල්ලූ කිරීමයි. ලාබාලතම දේශපාලන පක්ෂය වන ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් විශාල ඡන්ද සංඛ්‍යාවක් අරන් ජයග‍්‍රහණය කළා. මේ ත‍්‍රස්තවාදි ප‍්‍රහාරයත් එක්ක දේශපාලනයේ වෙනසක් සිදුවෙමින් පවතිනවා. ජනතාව දැඩි විදියට ආණ්ඩුවේ කි‍්‍රයා පිළිවෙත විවේඡනය කරනවා. පහුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ මේ කියන පුද්ගලයා දේශපාලනිකව අපිව පරාජය කරන්න කටයුතු කළ පුද්ගලයෙක්. මුස්ලිම් ජනතාව වාසය කරන ගම්බිම්වලට ගිහින් අපිට විරුද්ධව දේශපාලනයේ නිරතවූවෙක්. ඒ පුද්ගලයාගේ සම්බන්ධකම් තිබුනේ කා එක්කද කියන දේ දැන් එළිවෙලා ඉවරයි.
ළ`ගදි පාරවල් වහලා ඇමැතිවරුන්ගේ වාහන පේලියක් ගියාම ජනතාව ඊට දැඩි විරෝධයක් පල කලා. ඒ විරෝධය සංවිධානය වෙලාකරපු දෙයක් නෙවෙයි. ජනතාව ආණ්ඩුවේ කි‍්‍රයාවන් නිසා මොන තරම් පීඩනයකට පත්වෙලා ඉන්නාවද කියන දෙයයි මෙයින් පැහැදිලි වෙන්නේ. අපේ ආණ්ඩුව කාලයේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල විශාල සංවර්ධනයක් කළා. අපේ කාලයේ ඒ පළාත් වල කරපු වැඩවලට අමතරව මේ ආණ්ඩුව පත්වුනාට පස්සේ බෝක්කුවක්වත් හදලා නැහැ. අපි සියයට 98ක් ජනතාවට විදුලිය දුන්නා. පාලම් හැදුවා. ප‍්‍රදේශයේ ආර්ථික දියුණූවට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කළා. රේල්පාර හදලා උතුරට දුම්රිය එව්වේ උතුර දකුණ යා කරමින්.
දැන් අඩුම තරමේ තමන්ගේ දහදිය මහන්සියෙන් වගා කරන දේවත් විකුණගන්න බැහැ. තොග වෙලෙන්දන්ට මැදිවෙලා ගොවිජනතාවට නිසි මිලක් ලැබෙන්නේ නැහැ. බඩු ගොවියාගෙන් හාල්, එලවලූ තුට්ටු දෙකට මිලදීගන්න මේ දේවල් වෙලෙදපොලේ ගිණිගනන්.මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. ආර්ථිකය අතින් ගත්තාම රට පුරාම තියෙන්නේ මේ තත්ත්වයයි. අපි ඉක්මනින්ම මේ තත්ත්වය වෙනස් කරන්න අවශ්‍යයි.

 

Post Views: 8
Previous Post

ජනපති සමාව ලැබු ඥානසාර හිමි බන්ධනාගාරයේ පිටුපස දොරින් පිටවෙයි

Next Post

යුද්ධයේ සෑබෑ කතාව අපේ මතු පරපුර දැනුවත් කළ යුතුයි – ජනපති කියයි

editor

editor

Next Post

යුද්ධයේ සෑබෑ කතාව අපේ මතු පරපුර දැනුවත් කළ යුතුයි - ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved