• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණ්ඩුව ගත් ගොන් තීන්දුවක් ඇමැති රාජිත හෙළි කරයි

7 April 2019
in දේශීය

යහපාලන රජය හොද තීන්දු ගත් අතරේ ගොන් තීන්දුවක් ද ගත් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ චීන සහන ණය ආධාර යටතේ දිවයින පුරා රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට අනුව කළවාන මුලික රෝහලේ ඉදිකිරීමට යෝජිත මහල් 03 කින් යුත් වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල් තැබීමේ උත්සව අවස්ථාවට ඊයේ (06) පෙරවරුවේ එක්වෙමින්.

වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 564 ක් වෙයි. උපකරණ සදහා රුපියල් මිලියන 420 ක මුදලක් වැය කරයි. මෙම ගොඩනැගිලි සංකීර්ණය තුල බාහිර රෝගී අංශය, හදිසි ප්‍රතිකාර ඒකකය, සායන ඒකක ඇතුලත් වෙයි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “ යහපාලන රජයක් පිහිටුවීමට ගත් තීන්දුව හොදයි. ඒ අතරේ ගොන් තීන්දුවක් ද ගත්තා. ඒ තමයි ප්‍රචාරණය නතර කිරිම. ජර්මනියේ තිබෙන යහපාලනය මෙරටට ඒ අයුරින්ම ගැලපෙන්නේ නැහැ. සංශෝධන ඇති කළ යුතුයි. වර්තමානයේ ජනාධිපතිගේ චින්තන, අගමැතිගේ චින්තන, නැහැ. තියෙන්නේ එක් එක් අමාත්‍යවරයාගේ චින්තන පමණයි. නමුත් පසුගිය රජය සමයේ තිබුන එකම චින්තනය මහින්ද චින්තනය විතරයි. ඇමැතිවරයෙක් වැඩක් කළත් එය මහින්ද චින්තනයට ගොනු කරනවා. එම නිසා සියලු දෙනාම හිතුවා මහින්ද රාජපක්ෂ මහතා විශ්වකර්මයෙක් කියලා. හම්බන්තොට වරාය හදන විට රට පුරාම ප්‍රචාරණය කරනවා. අපි එහෙම කළේ නැහැ. නමුත් අපිත් තීන්දුවක් ගත්තා ප්‍රචාරණය වැඩි කරන්න. ජනතාව දැනුවත් කරන්න. ජනතා හිතවාදි වැඩපිළිවෙළක් අපි දියත් කර තිබෙනවා. ආණ්ඩුව තුල දුර්වලකම් තිබෙනවා. දුර්වලකම් නැති ආණ්ඩු හදන්න කවදාවත් බැහැ. බුදුරජාණන් වහන්සේ පවා දේශණා කළේ ආරෝග්‍යා පරමා ලාභා යනුවෙනි. ජනතාව සෞඛ්‍ය සම්පන්න වීම රටේ සංවර්ධනයටත් හේතුවක් වෙනවා. අක්ෂි කාච ලක්ෂයක් පසුගිය වසර 03 තුල රෝගීන්ට ලබාදී තිබෙනවා. හැබැයි සමහරු හිතන්නේ එම අක්ෂි කාචත් මහින්ද චින්තනයේ වැඩක් කියලා. මහින්ද රාජපක්ෂ මහතා ලබාදෙන්නේ හොද දේවල්. රනිල් වික්‍රමසිංහ මහතා ලබාදෙන්නේ නරක දේවල් එහෙම තමයි ජනතාවට උගන්වලා තිබෙන්නේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී මගෙන් ඊයේ ඇහුවා හම්බන්තොට නව මහ රෝහල විවෘත කරන්නේ කවදාද කියලා. මම කිවුවා ලබන මාසයේ විවෘත කරනවා. මම ඔබතුමාටත් ආරාධනා කරනවා කියලා. නෙදර්ලන්ත ආධාර යටතේ තමයි එම රෝහල ඉදිකර ඇත්තේ. වත්මන් රජය යටතේ මම අවයව බද්ධ කිරීම ලංකාවේ ආරම්භ කළා. ඉදිරියේ දී අවයව බද්ධ කිරීම අතින් හොදම රටක් ලෙස ලංකාව ප්‍රකාශයට පත් කරයි. කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් පීඩාවට පත් වූ ජනතාවට 2018 වසරේ දී පමණක් රුපියල් බිලියන 06 ක් ලබාදී තිබෙනවා. මෙලෙස ජනතා හිතවාදී තීන්දුගත් කිසිදු රජයක් නැහැ. යැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසිය.

මෙම අවස්ථාවට අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ, එක්සත් ජාතික පක්ෂයේ කළවාන ප්‍රධාන සංවිධායක සරත්චන්ද්‍ර රාමනායක, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කණ්නංගර, අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුලු වෛද්‍යවරුන්, කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

 

 

Post Views: 11
Previous Post

මධුෂ් ලංකාවට ගෙන්නේ විශේෂ ආරක්ෂක රැකවරණය මැද

Next Post

ගම්පෙරළිය කියන්නේ ඇඩ්වලට සීමා වෙච්ච දෙයක් නෙමෙයි – ඇමැති මංගල කියයි

editor

editor

Next Post

ගම්පෙරළිය කියන්නේ ඇඩ්වලට සීමා වෙච්ච දෙයක් නෙමෙයි - ඇමැති මංගල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved