27 April 2024
#දේශීය

මධුෂ් ලංකාවට ගෙන්නේ විශේෂ ආරක්ෂක රැකවරණය මැද

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඩුබායි පොලීසියේ දැඩි රැකවරණය මැද ශ්‍රී ලංකාවට එවන බව ඩුබායි රජය විසින් විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාට දැනුම් දී ඇතී බව වාර්තා වේ. මධූෂ් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඩුබායි බලධාරීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා එරටට ගිය විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාට එරට විදේශ අමාත්‍ය අන්වර් බීන් මොහොමඩ් මහතා මේ බව පවසා ඇත.

මධූෂ් ලංකාවට එවීමට පෙර ඒ ගැන ශ්‍රී ලංකා රජය දැනුවත් කරන බවත් දැඩි ආරක්ෂාව මධ්‍යයේ කොළඹට ගෙන එන බවත් ඩුබායි විදේශ අමාත්‍යවරයා දන්වා තිබේ.

මේ සිද්ධියට අදාළව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඩුබායි ජනාධිපතිවරයා වෙත යවන ලද විශේෂ ලිපියක් ද අමාත්‍ය මාරපන එරට විදේශ අමාත්‍යවරයාට භාර දී ඇත.

කෙසේ වෙතත් මධූෂ් ශ්‍රී ලංකාවට නොඑවන ලෙස ඉල්ලා ඔහු විසින් පවරා ඇති අභියාචනාව මෙම මස 18 දා විභාග කිරීමෙන් අනතුරැව ඒ ගැන තීන්දුවක් ගැනීමට ඉඩ ඇතැයි ඩුබායි ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *