• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආයතනවලට පත් කිරීම් වලදී ජනාධිපති ලේකම්වරයා නිකුත් කරන චක්‍ර ලේඛය අනුව කටයුතු කරන්න

4 January 2019
in දේශීය

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ව්‍යවසායයන් සඳහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කිරීමේ දී ජනාධිපති ලේකම්වරයා නිකුත් කර තිබෙන චක‍්‍රලේඛය අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අමාත්‍යාංශ ලේකම්වරු සමග ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.

ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව 2018-12-31 වන දින PS/PCMD/19/2018 අංක දරන එම චක‍්‍රලේඛය නිකුත් කර තිබේ.

එමෙන්ම රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරු හා අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමේ දී සුදුසුකම් පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා පසුගියදා පියවර ගත්තේ ය.

ජනාධිපති ලේකම්වරයා සභාපතිත්වය දරන එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ඩබ්.ජේ.එස්. කරුණාරත්න මහතා සහ අගමැතිවරයා විසින් පත්කරන ලද නියෝජිතයන් දෙදෙනෙක් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝජිතයෙකු කටයුතු කරයි.

දැනට පත් කර තිබෙන සභාපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ නම් සුදුසුකම් බලා නිර්දේශ කිරීම සඳහා මෙම කමිටුව වෙත යොමු කරන ලෙස ද ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට මෙහිදී උපදෙස් දුන්නේ ය.

එමෙන්ම මේ පිළිබඳව තමා ඉදිරියේ දී සියලූ අමාත්‍යවරුන්ට ද ලිඛිතව දැනුම්දීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

රජයේ වාහන පිළිබඳ විධිමත් වාර්තා පවත්වාගෙන නොයාම හේතුවෙන් සිදුවන අක‍්‍රමිතාවන් පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ එම තත්ත්වය ඉදිරියේ දී වළක්වා ගැනීමට රජයේ වාහන සංචිත පිළිබඳ තොරතුරු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා මුදල් අමාත්‍යාංශය සහ ප‍්‍රවාහන අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි.

රජයේ වාහන සංචිතයේ තොරතුරු ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය ඔස්සේ දැන ගැනීමට හැකිවන අයුරින් එම තොරතුරු පවත්වාගෙන යාමට ද ජනාධිපතිවරයා නිලධාරින් උපදෙස් දුන්නේය.

එමෙන්ම සෑම අමාත්‍යාංශ ලේකම්වරයෙකුම මාස 03 කට වරක්වත් තමන්ගේ අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු සහ සංස්ථා වෙත ගොස් කාර්ය මණ්ඩලය හමුවී ඒවායේ කි‍්‍රයාකාරිත්වය සහ ගැටලූ පිළිබඳ සොයා බැලීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ගෙන යන වැඩපිළිවෙළට සියලූ අමාත්‍යාංශවල සහාය හිමිවිය යුතු අතර සෑම රාජ්‍ය ආයතනයකම මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයක් පිහිටුවීම ඇතුළු පසුගිය වසරවල නිකුත් කර තිබෙන චක‍්‍රලේඛ අනුව එහි දී කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පැහැදිලි කළේය.

ජනතාව දුගී බවින් මුදා ගැනීම සඳහා දියත් කළ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ඉදිරියේ දී පුළුල් ජනතා ව්‍යාපාරයක් බවට පත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවන අතර එය සාර්ථක කර ගැනීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු සියලූ රාජ්‍ය නිලධාරින්ගේ කැපවීම අත්‍යාවශ්‍ය බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

එමෙන්ම රටේ සංවර්ධනය සහ ජනතා සුබසෙත වෙනුවෙන් රජය කි‍්‍රයාවට නංවා ඇති සියලූ සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රතිලාභ උපරිමයෙන් පොදු මහ ජනතාව වෙත ලබාදෙමින් 2020 රජයේ සංවර්ධන ඉලක්ක සාර්ථක කර ගැනීම වෙනුවෙන් සියලූ පාර්ශ්වයන් තම වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටුකිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු මීට එක්ව සිටියහ.

Post Views: 11
Previous Post

දයාසිරිට මහලේකම් තනතුරක් – මුතුහෙට්ටිගම කියයි

Next Post

සැහැල්ලු දුම්රිය සේවාවක් ඇරඹීමට ජපානයෙන් ඇ.ඩො.මි. 1850 ක ණය ආධාර

editor

editor

Next Post

සැහැල්ලු දුම්රිය සේවාවක් ඇරඹීමට ජපානයෙන් ඇ.ඩො.මි. 1850 ක ණය ආධාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved