• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආරක්ෂක මණ්ඩලයේ වැදගත්ම මාතෘකාව වුණේ මධුෂ් ගැනයි

7 June 2019
in දේශීය

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සතිපතා ආරක්ෂක මණ්ඩලයට කැඳවීමක් සිදු වුව ද, පසුගිය කාල තුලදී එහි වැඩිපුර සාකච්ඡා වුයේ පාතාල නායක මධුෂ් සම්බන්ධව බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි.

ඊයේ (06) පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ඉදිරිපත් කිරීමට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත ජයසුන්දර මහතා කැඳවා තිබුණි.

එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ පසුගිය කාල තුලදී ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී කිසිදු වැදගත් යමක් සාකච්ඡාවට බදුන් නොවු බවයි. වැඩි වශයෙන් සාකච්ඡා කරනුයේ පාතාල නායක මධුෂ් සම්බන්ධයෙන් පමණක් බව ද හෙතෙම කියා සිටියේය. තව ද කිසිදු අවස්ථාව පාස්කු දින සිදුවන ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇති නොවු බවත් ඒ පිළිබඳ තමාට පවා තනි තීරණයක් ගැනීමට හැකියාව නොමැති බව ද ඔහු පැවසිය. ආරක්ෂක මණ්ඩල රැස්වීමට කැඳවන්නේ ජනාධිපතිවරයාගේ ලබා දෙන නියෝග අනුව බව ඔහු අනාවරණ කළේය.

මෙම සාක්ෂි ලබා දීමට පැමිණි පොලිස්පති පුජිත මහතා කියා සිටියේ තමාට ජනාධිපතිවරයා පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට ආරක්ෂක මණ්ඩලයට කැඳවා නොමැති බවත් තමාට සහභාගී නොවන ලෙස ජනාධිපතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දීමක් සිදු කර ඇති බවයි. කෙසේ වෙතත් විශ්වාසය සම්බන්ධ ප්‍රශ්ණයක් මතුව ඇති බව ජයසුන්දර මහතා කියා සිටියේය.

එම කාලයේදී පාතාල නායක මාකදුරේ මධුෂ් සම්බන්ධයෙන් කරලියට පැමිණිමත් සමඟ මෙම තත්ත්වය මතුව ඇති බව වාර්තා වේ. ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ඇති බවට පසුගිය දිනවල මාධ්‍ය ඉදිරියේ පැමිණ නාමල් කුමාර නැමැති පුද්ගලයෙකු විසින් පවසන ලද්දක් මුල් කරගෙන මෙම තත්ත්වය මතුව තිබේ. රටේ ආරක්ෂක මණ්ඩලයට පොලිස්පති මෙන්ම අගමැතිවරයාද කැඳවා නොමැති බව මේ වන විට පැහැදිලිවම පෙනෙන්නට ඇත්තේය.

 

 

Post Views: 8
Previous Post

ගස් කැපීම නැවත්විමට ජනපති ගැසට් නිවේදන නිකුත් කරන්න කියයි

Next Post

ශ්‍රී ලංකාව පරදවා මැකාවෝ පිල ජය ගනී

editor

editor

Next Post

ශ්‍රී ලංකාව පරදවා මැකාවෝ පිල ජය ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved