• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආර්ථික ප්‍රශ්ණ නිසා ජනතාව ඉන්නේ දැඩි මානසික පිඩනයකින් – කුමාරසිරි කියයි

30 August 2019
in දේශීය

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් පොදු ජනයා අද වන විට ජීවත් වීමට සිදු වී තිබෙන්නේ දැඩි මානසික පීඩනයකින් බව විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ කොටපොල, වරල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින්. එහිදී ඒ මහතා කියා සිටියේ මේ වන විට ජනතාව සිටින්නේ මානසික හා ශාරීරික ලෙස පිරිහී ගිය අසරණ මිනිසුන් බවට පත් වී ඇති බවයි.

රටේ පවතින අයහපත් දේශපාලන සංස්කෘතිය රටට අනාගතයක් අහිමි කර ඇති බවත් ,මෙය ඉක්මනින් වෙනස් කර රටට ගැලපෙන දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කර ගැනීමට බුද්ධිමත් ජනතාව පෙරට ආ යුතු බවත් ,හෙතෙම පැවසීය .

එහිදී කුමාරසිරි මහතා මෙසේ අදහස් පල කර සිටියේය ” අද අප සිටින්නේ රට ම නන්නත්තාර වී ගිය කාලයක .ආරක්‍ෂාවක් කාටවත් නෑ .රටටත් එහෙමයි .ආර්ථික ප්‍රශ්න උග්‍රයි .ග්‍රාමීය ණය ගැති භාවය ඉහළ ගිහින් .ප්‍රශ්න වැලකින් ජනතාව වෙලී සිටිනවා .මහින්ද රාජපක්‍ෂ පාලන කාලයේදී සාමය සංහිඳියාව තිබුණා .ගෝඨාභය මහත්තය බැසිල් මහත්තය එදා වගකීම් බය නැතිව අර ගත් නිසා රටේ ඉදිරි ගමන ශක්තිමත් වුනා .පරයන්ට මහින්ද මහතා යටත් කර ගන්න බැරි වු නිසා එදා රටේ ස්වාධීනත්වය රැකුනා .රට ආරක්ෂා වී අනාගතයට ආලෝකය වැටුනා .මහින්ද රාජපක්‍ෂ මහත්තයට අප සදා ණය ගැති වන්නේ ඒ නිසා .එදා මිනිස්සුන්ගේ මුහුණු වල තිබුන සිනහව අද නෑ .බොහෝ දෙනාගේ දුක් බර හැඟීම් පේන්නෙ . “යහ පාලකයන් ” මහ බැංකුවට සිංගප්පූරුවෙ මිනිහෙක් දා ගත්තා .පත්වීම දෙනකොට ග්‍රාම සේවක සහතිකයවත් බැලුව නම් ඒ පත් වීම දෙන්න බෑ .ඒ නිසා රටේ ආර්ථිකයට වූ හානිය කියන්න බෑ .ලෝකය හමුවේ අභිමානවත් ව තිබුන රට අද අන්ත අසරණ වෙලා .යැයි කුමාරසිරි හෙට්ටිගේ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය.

 

Post Views: 12
Previous Post

  1990 සුවසැරිය කාර්ය මණ්ඩලය උප කාර්යාල ගොඩනැගීම අරඹයි

Next Post

මහජන සම්පත 4000 වන අභිමානවත් ජයග්‍රාහි දිනුම් වාරය දිනුම් ඇදිම

editor

editor

Next Post

මහජන සම්පත 4000 වන අභිමානවත් ජයග්‍රාහි දිනුම් වාරය දිනුම් ඇදිම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved