• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇඳිරි නීති බලපත්‍ර නිකුතුව විධිමත් කරන්න ඉල්ලයි

28 April 2020
in දේශීය

ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමේදී  විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පොලිසියෙන් ඉල්ලයි. වැඩබලන පොලිස්පති වරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය පවසයි.

ඇය සඳහන් කරන්නේ මහජන ආරක්ෂාව සඳහා ඇඳිරිනීතිය පනවා ඇති අවස්තාවලදී පවා විශාල වශයෙන් පිරිස් මහා මාර්ගවල ගමන් කරනු දක්නට ලැබෙන බවයි. මේ අතරින් බහුතරයක් වාහනවල  අත්‍යවශ්‍ය සේවා යන ලේබලය දක්නට ලැබෙන බවත්, ඇතැම් වාහන වල අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල නාම පුවරු දක්නට ඇති බවත් ඇය කියයි.

මෙම බොහෝ වාහන ඇඳිරි නීති අවසර පත් සහිතව ධාවනය වන බව පෙනී යන බවත් එහි නිගමනය වන්නේ මේ අතරින් ඇතැම්  පිරිස් කෙසේ හෝ කුමන මාර්ගයකින් හෝ අත්‍යවශ්‍ය සේවා බව පෙන්වමින් ඇදිරි නීති අවසරපත් ලබාගෙන ඇති බව යැයි  ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පෙන්වා දෙයි. 

සමාජ දුරස්ථකරණය මෙම වසංගත තත්වය මැඩලීමට ඇති හොඳම පියවර වන අතර ඒ සඳහා හැකිතරම් අවකාශ සලසා දෙනු වෙනුවට මෙලෙස විශාල වශයෙන් ඇඳිරි නිතී බලපත් සහ අවසරපත් ලබාදීම ඉතා අවධානම්කාරී තත්වයක් බව ආරියවංශ මහත්මිය කියයි. මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් නොමැති වුවහොත්  නුදුරේදීම කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම නිසා අත්‍යවශ්‍ය සේවා පවා අත්හිටුවීමට  සිදුවනු ඇතැයි ඇය පෙන්වා දෙයි. මේ නිසා එවැනි තත්වයකට රට පත්වීම වළක්වාගැනීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක විය යුතුව ඇති බව ඇය සඳහන් කළාය.

මේ නිසා මේ පිළිබඳ සොයා බලා ඇඳිරි නීති අවසරපත් නිකුත් කිරීම සඳහා මීට වඩා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීම සුදුසු බව යෝජනා කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය වැඩ බලන  පොලිස්පති වරයා ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

Post Views: 6
Previous Post

මීටරේ කැඩුවොත් බඩු ශුවර් !

Next Post

කොවිඩ් නිසා ගර්භනී කාන්තාවන්ට විශේෂ උපදෙස් !

editor

editor

Next Post

කොවිඩ් නිසා ගර්භනී කාන්තාවන්ට විශේෂ උපදෙස් !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved