• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමති අශෝක්ගෙන් විශ්වවිද්‍යාල වරම් ලැබු දැරියකට අතහිත

12 January 2019
in දේශීය

කුරුණෑගල මල්කඩුවාව වතුයායේ ඉතා කුඩා පැල්පතක අනවසරයෙන් පදිංචිව සිටින ඉතා අසරණ පවුලක දැරියක් මෙවර උසස් පෙල විභාගයෙන් ඉහලින් සමත්ව විශ්ව විද්‍යාල වරම් ලැබූ පුවතක් මාධ්‍ය තුලින් ප්‍රචාරය වීමත් සමග ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සිය බිරිද විශාකා අබේසිංහ මහත්මිය සමගින් ඔවුන් මුණ ගැසීමට ගොස් තිබේ.

එහිදී ඔවුන්ගේ අසරණභාවය දුටු අමාත්‍යාවරයා එදිනෙදා තම වියදම් පිරිමසා ගැනීමට මූල්‍ය ආධාරයක් ලබාදුන් අතර විශ්ව විද්‍යාල අධ්‍යාපනය ආරම්භ කලදා සිට මසකට රුපියල් 5000 බැගින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිමවනතුරු ලබා දෙන බවටද පොරොන්දු වී ඇත. එමෙන්ම තමා විසින් කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික දානපතීන් හා එක්ව ක්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘතිය මගින් හෝ උදාගම් ව්‍යාපෘතිය මගින් හෝ නිවසක් ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එම දැරියට තව දුරටත් පොරොන්දු වී තිබේ.

මේ සිදුවීමෙන් අනතුරුව නිසංසලා දැරිය මාධ්‍යට පවසා ඇත්තේ එම සිද්ධිය තමන්ට හීනයක් මෙන් බවත්, අමාත්‍යවරයෙකු කිසි දිනක මෙවන් පැල්පතකට පැමිණ තමන්ට මෙලෙස උදව් කරාවියැයි නොසිතූ බවයි. එමෙන්ම තමා ඇතුලු පවුලේ සියලුම දෙනා අමාත්‍යවරයාට සහ එම මහත්මියට ස්තූතිවන්ත වන බව වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

Post Views: 9
Previous Post

කාර්ක්ෂමව සංවර්ධන ඉලක්ක සපුරන්න – ජනපති නව ආණ්ඩුකාරවරුන්ට දන්වයි

Next Post

පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලි වලට විසදුම් ලබාදීමේ විශේෂ හමුව ජනවාරි 24 වනදා

editor

editor

Next Post

පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලි වලට විසදුම් ලබාදීමේ විශේෂ හමුව ජනවාරි 24 වනදා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved