• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමරිකා එක්සත් ජනපදයේ හෙද සේවය සදහා දෙවන ශ්‍රි ලාංකික තරුණිය පිටත් වෙයි

3 May 2019
in සංවර්ධන

ශ්‍රි ලාංකික තරුණ තරුණියන්ට ඇමරිකාවේ හෙද සේවය සදහා රැකියා අවස්ථාවන් ලබාදීමට ඇමරිකාවේ කර්මා සමාගම සමග ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව එරට හෙද රැකියාව සදහා දෙවන ශ්‍රි ලාංකික හෙදිය පසුගිය 11 වනදා ඇමරිකාව ලබා පිටත්ව ගියාය.

යූ.එම්.කාංචනා කුමාරි සෙනරත් බණ්ඩාර නම් එම හෙදිය කොළඹ ජාතික රෝහලේ සේවය කළ ශ්‍රි ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි හෙද නිලධාරිනියකි.

කාර්යාංශය මගින් පළමු වරට මෙම රැකියා වැඩසටහන දියත් කරන ලද අතර, අවශ්‍ය සුදුසුකම් ලත් තවත් 25ක පිරිසක් ඇමරිකාවේ හෙද රැකියා සදහා පිටත්ව යාමට මේ වන විට පුහුණුව ලබා ඇත.

ඇමරිකාවේ හෙද සේවය සදහා අවශ්‍ය සුදුසුකම් ලෙස හෙද වෘත්තියෙහි වසර දෙකක පළපුරුද්දක් ලබා වර්ථමානය වන විට සේවය කරමින් සිටිය යුතුය. ඒ අනුව වෛද්‍ය සභාවේ ලියාපදිංචි හෙද සේවය පිළිබද උපාධියක් හෝ වසර 4ක ඩිප්ලෝමා සහතිකයක් ලබා තිබිය යුතු අතර, NCLEX විභාගය සමත් වීම හා IELTS විභාගය ඇමරිකානු ප්‍රමිතීන්ට අනුව සමත්වී තිබිය යුතුය. එසේම අයදුම් කරන දිනය වන විට වයස අවුරුදු 45 ට අඩු විය යුතුය.

ඇමරිකා එක්සත් ජනපදය තුළ හෙද රැකියා හිමිවන ශ්‍රි ලාංකික තරුණ තරුණියන්ට මාසිකව ඇමරිකානු ඩොලර් 5000ක මූලික වැටුපක් හිමිවන අතර, තම පවුලේ ඥාතීන්ද එරටට ගෙන්වා ගැනීමේ හැකියාව හිමිවේ.

ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට සුරක්ෂිත රැකියා පරිසරයක් ඇති කිරීම සදහා කාර්යාංශය ගත් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස මෙම රැකියා අවස්ථා හිමිව තිබේ. එසේම අඩු වැටුපක් හිමිවන රැකියාවන් වෙනුවට වැඩි වැටුප් සහිත රැකියා අවස්ථා වැඩි වශයෙන් ශ්‍රි ලාංකිකයින්ට ලබාදීම සදහා කාර්යාංශය අවශ්‍ය පියවර ගනිමින් සිටින අතර, එහි ප්‍රථිඵලයක් වශයෙන් මේ වන විට පුහුණු ශ්‍රමිකයින් වැඩි වශයෙන් විදේශ ගතවීමේ ප්‍රවණතාවයක් ඇතිවී තිබේ.

පුහුණුව ලත් ශ්‍රි ලාංකික වෘත්තිකයින් සදහා වත්මන් රජය ක්‍රියාත්මක කරනු ලබන විදේශ රැකියා ප්‍රවර්ධනය කිරීමෙහි තවත් එක් පියවරක් වශයෙන් මෙම වැඩසටහන පෙන්වා දිය හැකිය.

ඇමරිකාවේ හෙද සේවය සදහා ශ්‍රි ලාංකික හෙදියන් බදවාගැනීම පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් ජූනි මස පළමු වෙනිදා පැවැත්වීමට නියමිත අතර, ඒ පිළිබද වැඩිවිස්තර www.slbfe.lk යන කාර්යාංශ වෙබ් අඩවියෙහි පළකර තිබේ.

කාර්යාංශයේ පුහුණු, අලෙවිකරණ හා බදවාගැනීම් අංශය මගින් මෙම රැකියා වැඩසටහන මෙහෙයවනු ලබන අතර, මේ පිළිබදව උනන්දුව දක්වන හෙද නිළධාරීන්හට වැඩි විස්තර සදහා දුරකථන අංක 0112791814, 0112884771 මගින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු, අලෙවිකරණ හා බදවාගැනීම්) ඇමතිය හැකිය.

 

Post Views: 22
Previous Post

ත්‍රස්තවාදය පෝෂණය නොකල යුතුයි – මුනීර් මුනාෆර් මවුලවිතුමා කියයි

Next Post

ISIS ත්‍රස්තවාදය මෙරටින් තුරන් කරන බව අගමැති කියයි

editor

editor

Next Post

ISIS ත්‍රස්තවාදය මෙරටින් තුරන් කරන බව අගමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved