• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමැති සජිත්ගෙන් ක්‍රිඩා දක්ෂයින්ට නව නිවාස

22 February 2019
in ක්‍රීඩා

2018 වසරේ ආසියානු දැල් පන්දු ශූරතාවලියේ ශූරතාව හිමිකර ගත් හා ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබා ගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 12 දෙනාට සහ අංගම්පොර සටන් ශිල්පී මහන්ත ආරච්චිගේ නොයෙල් අජන්ත පෙරේරාට නව නිවාස පිරිනැමීම නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කෙරිණ.

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට අයත් මොරටුව, අඟුලාන, ‘සයුරුපුර’ නිවාස ව්‍යාපෘතියෙන් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත නොමිලේ මෙම නිවාස පිරිනැමුණ අතර සියලු පහසුකම් සහිත මෙම එක් නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 30 ක් වේ.

2018 වසරේ ආසියානු දැල් පන්දු ශූරතාවලියේ ශූරතාව හිමිකර ගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබා ගෙන ඇත. අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ පදිංචි අංගම්පොර සටන් ශිල්පී මහන්ත ආරච්චිගේ නොයෙල් අජන්ත පෙරේරා මහතා දේශයේ වියැකී යන අංගම්පොර ක්‍රීඩා කලාව ජාත්‍යන්තරයට ඔසවා තැබූ ශ්‍රී ලාංකීය එකම සටන් ක්‍රීඩකයාය.

එළැඹෙන මැයි මාසයේ සැම්බියාවේදී පැවැත්වෙන දැල්පන්දු තරගාවලියට සහභාගීවීමට නියමිත 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට ගුවන් ටිකට් පත් ලබා ගැනීම සඳහා වැයවන රුපියල් ලක්ෂ 42 කට අධික මුදල තමන් පෞද්ගලික ධානපතින්ගේ සහයෝගය ඇතිව නොමිලේ ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදි පොරොන්දු විය.

මෙම අවස්ථාවට ජලනි ප්‍රේමදාස මැතිණිය, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්ත, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ශාන්ත කහවල යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ.

 

Post Views: 7
Previous Post

එන්න ඇමැතිකමක් ගන්න ..! සුමන්තිරන්ට ඇමති පාඨලි කියයි

Next Post

අභ්‍යන්තර ගුවන් ගමන් ඉතා සහනදායී මිලකට ලඟදීම – රාජ්‍ය අමාත්‍ය අශෝක්

editor

editor

Next Post

අභ්‍යන්තර ගුවන් ගමන් ඉතා සහනදායී මිලකට ලඟදීම - රාජ්‍ය අමාත්‍ය අශෝක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved