• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇහුම්කන් දෙන්නේ නැතිනම් මෙහෙයුමක් කරනවා – රනිල් කියයි

10 December 2018
in දේශීය

අගමැතිවරයා ඉවත්කිරීමට උත්සාහ කිරීම ඇමතිවරුන් මාරු කිරීමට උත්සාහ කිරීම ඇතුළු මේ සියලූ කාර්යයන් වලින් පහර ගැසුවේ ජනතාවට බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (10) අරලියගහ මන්දිරයේදී පැවති එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රිවරුන්ගේ හමුවේදීය.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් පල කර සිටියේය ” නමුත් මේ සියලූ තීරණවලට විධායකය ඇහුම්කන් දෙන්නේ නැත්නම් අපි විශාල ජනබල මෙහෙයුමකට යාමට තීරණය කොට තිබෙනවා. එමගින් කොළඹදී අපි රටේ ජනතාවගේ විරෝධය ප්‍රකාශ කරනවා. මේක එක්සත් ජාතික පක්ෂයේ ජනබලයක් පමණක් නොවෙයි. එක්සත් ජාතික පක්ෂයේ විරෝධතා අපි දැනටමත් සිදු කොට තිබෙනවා. මෙය සියලූ රටවැසියන් හා පාක්ෂිකයන් එකතු වී සිදුකරන්නක් බව කිව යුතුයි. ඒ මෙහෙයුම පිළිබඳව මට පසුව අදහස් දක්වන අපේ පක්ෂයේ නිලධාරීන් ඔබව දැනුවත් කරනවා.

පසුගිය කාලයේ පැවති ඇතැම් විරෝධතා වලට දේශපාලකයින් සම්බන්ධ වුනේ නැහැ. එවැනි රැළියක් අපසුගියදා සංවිධානය කර තිබුණා. එහි දේශපාලඥයෙකුට හිටියේ මා පමණයි. එපමණක් නොවෙයි. නිදහස් චතුරශ්‍රය අසල විහාරමහා දේවී උද්‍යානය අසල දිනපතා සත්‍යග්‍රහ, රැස්වීම් පැවැත්වෙනවා. දේශපාලඥයින් කවුරුත් නැහැ. දැන් අපි සියලූ දෙනාම එකට එකව ජනබල මෙහෙයුම සාර්ථකව පැවැත්විය යුතුයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද හෝ හෙට ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වුනත්, එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීම බදාදා, බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා විය හැකි බව අපේ නීතිඥමහත්වරුන් දන්වා තිබෙනවා. එලෙස නඩු තීන්දුව ලබාදීමෙන් පසුව ජනබල මෙහෙයුම පවත්වන ලෙස සිවිල් සංවිධාන අපෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව එම මෙහෙයුම නඩු තීන්දුවෙන් පසුව ඊළඟ සතියේ පැවැත්වීමට අපි තීරණය කළා. එම නිසා මෙම ජනබල මෙහෙයුම ශක්තිමත්ව, සාර්ථකව පවත්වන්නට තවත් දින කීපයක් ඉදිරියට තිබෙන නිසා ඒ කාලය ඒ සඳහා යොදා ගෙන සංවිධාන කටයුතු සිදු කරන ලෙස සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේක ජනතාවගේ සටනක්. අපි ජනතාව කියන දේ කළ යුතුයි. මෙයින් පසුව අපි අපේ අඩුපාඩුකම් හදාගත යුතුයි. ජනතාව බලාපොරොත්තු වන්නේ කුමක්ද, කරදරයකින් තොරව ජීවත් විය හැකි පාලනයක්. ජනතාව බලාපොරොත්තු වන පාර්ලිමේන්තු සම්ප්‍රදාය කුමක්ද? මාධ්‍ය සම්ප්‍රදාය කුමක්ද? ඒ අරමුණ ඉටුකර දීමට අප සැමවිටම කැපවිය යුතුයි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කර දීමට අප කැපවිය යුතුයි. ඒ වෙනුවෙන් ඉදිරි මෙහෙයුම් සාර්ථක කරගන්නට උත්සාහ කරමු. පසුගිය කාලය තුල අපේ මන්ත්‍රිවරු පාක්ෂිකයින් විශාල කැපකිරීමකින් යුතුව කටයුතු කොට තිබෙනවා. එසේ නොකළා නම් අද මේ සාර්ථකත්වය ඇතිවෙන්නේ නැහැ. එබැවින් ඔබගේ ප්‍රදේශවලට ගොස් සංවිධාන කටයුතු සිදුකර ජනබල මෙහෙයුම සාර්ථක කර ගැනීමට කැපවන ලෙස මා ඉල්ලා සිටිනවා. යැයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

Post Views: 8
Previous Post

ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම කාට හෝ අයිතියක් නෑ – නලින්ද කියයි

Next Post

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විද්වත් කමිටු වාර්තාව ජනපතිට

editor

editor

Next Post

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විද්වත් කමිටු වාර්තාව ජනපතිට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved