27 April 2024
#දේශීය

ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම කාට හෝ අයිතියක් නෑ – නලින්ද කියයි

රටක් පාලනය කළ යුත්තේ රටේ ව්‍යවස්ථාව, නීතිය අනුවයි. එසේ නොමැතිව එක් එක් පුද්ගලයින්ගේ හැසිරීමේ ස්වභාවය මත සංස්කෘතික ප‍්‍රශ්න මත රට පාලනය කිරීම ව්‍යවස්ථාව නීතිය උල්ලංඝනය කිරීම කාට හෝ අයිතියක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (10) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ ජනාධිපතිවරයා තීන්දු-තීරණ ගත යුත්තේ රටේ ව්‍යවස්ථාව අනුව බවයි.

මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා සිටියේය” අද මෛත්‍රිපාල පාර්ශ්වයේ ඇතැම් මන්ත්‍රිවරු පවසන්නේ 19ට පක්‍ෂව ඡන්දය දුන්නේ 20ක් ගේනවා කියලා ජනාධිපතිවරයා පොරොන්දු වුණ නිසා බවත් ප්‍රකාශකරන බවයි. දේශපාලන කුමන්ත‍්‍රණය සිදුවූ දින සිටම ජවිපෙ පැහැදිලිව කිව්වා අපි පෙනී ඉන්නේ දේශපාලන කුමන්ත‍්‍රණය පරාජය කිරීමට මිස කිසිවෙකු අගමැති ධුරයට පත්කිරීමට නොවෙයි කියලා. එනිසා අදත් අපි කියනවා ජනතා විමුක්ති පෙරමුණ අගමැති පොරයට නැහැ. කිසිවකෙු අගමැති කිරීමට ජවිපෙ ඡුන්දය පාවිච්චි කරන්නේ නැහැ. ජනාධිපතිවරයා විසින් කටයුතු කළ ආකාරය පිළිබඳව ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. නමුත් ජනාධිපතිවරයා දිගින් දිගටම ව්‍යවස්ථාව උල්ලංඝණය කරනවා නම් ජනාධිපතිවරයාට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ගත් ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා අධිකරණ තීන්දුවලට ගරු කරමින් ඒ අනුව කටයුතු කළ යුතුව තිබෙනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *