• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉඩමේ අයිතියත්, ඩිජිටල් දැනුමේ අයිතියත් ජනතාවට ලබා ‌‌දෙනවා – අගමැති

26 March 2019
in දේශීය

වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කළාසේ ඉඩමේ අයිතියත්, ඩිජිටල් දැනුමේ අයිතියත් ජනතාවට ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා ‌මේ බව පැවසුවේ පසුගිය (23) වැනිදා මඩකලපුවේදී වේබර් ක්‍රීඩාංගනයේ  ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින්. 

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ” ජනතාවට ඩිජිටල්කරණයේ අයිතිය ලබාදීමටත් අපි කටයුතු කරමින් සිටිනවා. අද සෑම නිවසකම ජංගම දුරකථනයක් තිබෙනවා. අද ලෝකයේ සෑම රටක්ම ඩිජිටල්කරණයට ලක්වී තිබෙනවා. ලෝකයේ රටවල් වල ආර්ථිකය ඩිජිටල්කරණයට ලක්වී තිබෙනවා. දැන් බොහෝ ගනුදෙනු සඳහා මුදල් අවශ්‍ය වන්නේ නැහැ. අපේ රට තුළත් එම ඩිජිටල්කරණය දැන් ඇති වෙමින් පවතිනවා. මඩකලපු කල්මුණේ ප්‍රදේශවල පිහිටා තිබෙන ඒ.ටී.එම්. යන්ත්‍ර ඊට උදාහරණ ලෙස හැදින්විය හැකියි.   අපි ආණ්ඩුවේ ආයතනත් ඩිජිටල්කරණයට ලක් කරමින් සිටිනවා. ඉඩම් ඔප්පු ලබාදීමේ කටයුතු, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇති තුළ සියලූම ආයතන ඩිජිටල්කරණයට ලක් කිරීමට අපි කටයුතු කරනවා. වර්තමානය වනවිට නිවාස – සමාජය ආදී සියලූම ස්ථාන ඩිජිටල්කරණයට ලක්වී තිබෙනවා.

කොළඹ ප්‍රදේශයේදී ඔබට ත්‍රී-රෝද රථයක් අවශ්‍ය නම් උබර් හෝ පික් මී හරහා ජංගම දුරකථනයෙන් එය ලබා ගෙන අවශ්‍ය ගමන යෑමේ පහසුකම තිබෙනවා. කොළඹඇතැම් කාන්තාවන් දැන් බඩු – භාණ්ඩ මිලදී ගැනීමට සාප්පු යන්නේ නැහැ. තම ජංගම දුරකථනයෙන් අවශ්‍ය දේ ඇණවුම් කරනවා. මෙය වර්තමානයේ ලෝකය පුරාම සිදු වනවා. ඩිජිටල්කරණය සිදුවී තිබෙන තැන් සීඝ්‍රයෙන් දියුණු වෙනවා. එම නිසා අපේ රජය යටතේ ශ්‍රී ලංකාව තුළ ඩිජිටල්කරණය ඇති කිරීමට අපි කටයුතු කරනවා. ඒ වැඩසටහන ගම් මට්ටමට ගෙන ඒමට ඩිජිටල්කරණය සමග ක්‍රියාත්මක වන ග්‍රාම රාජ්‍ය සංකල්පය ඉදිරිපත් කරනවා.

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ඕනෑම ආගමක් ඇදැහීමේ අයිතිය ඇතිවී තිබෙනවා. ඕනෑම සංස්කෘතියක් අනුව ජීවත්වීමේ අයිතිය ඇතිවී තිබෙනවා. මේ සියලූ අයිතීන් ඔබට ලබාදුන්නේ අපේ රජය යටතේයි. එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව හැර වෙනත් කිසිම රජයක් ඔබට මෙම අයිතිය ලබාදුන්නේ නැහැ. මෙය ආරක්‍ෂාකර ගනිමින් අප ඉදිරියට යා යුතුයි.

සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව මඩකලපුවේ සාමයෙන් ජීවත්වූ කාලයක් තිබුණා. ඒ සමගිය අපි මතකයේ තබා ගත යුතුයි. ඒ තත්ත්වය අපි ඉදිරියට ගෙන යා යුතුයි. 

එම අවස්ථාවට ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතලික, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය අමීර් අලී, සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය එස්. අලී සාහීර් මවුලානා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. සිරිනේෂන්, එස්. යෝගේෂ්වරන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

Post Views: 6
Previous Post

උත්සව සමයට රජයේ මිල්කෝ, හයිලන්ඩ් නිෂ්පාදන වැඩි කරනවා – අමාත්‍ය පී. හැරිසන්

Next Post

එයාර් බස් වර්ගයේ ගුවන් යානා තුන්සීයක් මිලට ගන්න චීනය එකඟ වෙයි

editor

editor

Next Post

එයාර් බස් වර්ගයේ ගුවන් යානා තුන්සීයක් මිලට ගන්න චීනය එකඟ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved