27 April 2024
#විදෙස්

එයාර් බස් වර්ගයේ ගුවන් යානා තුන්සීයක් මිලට ගන්න චීනය එකඟ වෙයි

එයාර් බස් වර්ගයේ ගුවන් යානා තුන්සීයකට ආසන්න සංඛ්‍යාවක් මිලදී ගැනීමට චීනය එකගවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ එම ගිවිසුමට අනුව මෙම ගුවන් යානා වල ඇස්තමේන්තු වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 10කට අධික බවයි.

ප්‍රංශයේ ක්‍රියාත්මක යුරෝපීය එයාර් බස් සමාගමෙන් අදාළ ගුවන් යානා මිලදී ගැනීමට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සමග පැවති සාකච්ඡාවේදී චීන ජනාධිපති ෂී ජින් පින්ග් එකග වී තිබේ.

ගිවිසුමට අනුව එයාර් බස් ඒ 320 සහ ඒ 350 වර්ගයේ යානා ලබා ගනු ඇති අතර මෙලෙස චීනය එයාර් බස් යානා විශාල සංඛ්‍යාවක් මිලදී ගනු ලබන්නේ ඇමෙරිකා බෝයිං 737 මැක්ස් යානා ධාවනයෙන් ඉවත් කිරීමෙන් අනතුරුවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *