• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉවතලන හිස් කාබන් පෑන් හා දත්බුරුසු ප්‍රතිචක්‍රීයකරණයට පියවර

23 October 2020
in දේශීය

අප රටේ ප්‍රථම වතාවට ඉවත ලන හිස් කාබන් පෑන් හා දත්බුරුසු ප්‍රතිචක්‍රීයකරණය වැඩ පිළිවෙළක් ආරම්භ කිරීම සඳහා වැඩසහටනක් ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.

එ් අනුව ඊට අදාල ගිවිසුම් අත්සන් තැබීම අද දින (23) පරිසර අමාත්‍යාංශයේ දී සිදු වුයේ පුද්ගලික සමාගම් දෙකක් වන INSEE සිමෙන්ති සමාගමත්, ඇට්ලස් සමාගම සමඟයි.

ඉවත ලන කාබන් පෑන් බට හා දත්බුරුසු නිසා විශාල පාරිසරික හානියක් සිදුවන බව මේ සම්බන්ධව කර ඇති අධ්‍යයන මගින් හෙළිදරව් වී ඇති බව පරිසර අමාත්‍යංශය පවසයි.

අප රටේ පාසැල් පද්ධතිය මගින් දිනකට බැහැර කරන හිස් පෑන් බට ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 80 ඉක්මවන බව තහවුරු වී ඇති බවත්, ඒ අනුව ගත් කළ වසරකට අඩු තරමින් හිස් කාබන් පෑන් කිලෝ ග්‍රෑම් 30,000කට ආසන්න ප්‍රමාණයක් පරිසරයට මුදා හරින බව පෙනී ගොස් ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

එමෙන්ම රාජ්‍ය හා පුද්ගලික අංශයේ ආයතනවලින් මෙන්ම යම් යම් අය පුද්ගලික පරිහරණය කරන කාබන් පෑන් ඉවත ලන ප්‍රමාණය ගැන මෙතෙක් නිශ්චිත සංඛ්‍යා දත්ත නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

දිනකට දළ වශයෙන් දත් බුරුසු කිලෝ ග්‍රෑම් 10-20 ක් පමණ පරිසරයට මුදා හරින බවත් පසුගිය වසර පහ තුළ ගත් විට දත් බුරුසු අලෙවිය සෑම වසරක දීම සියයට 10කින් පමණ ඉහළ ගොස් තිබෙන බව ද එය දිරාපත් වන්න වසර 100ක් පමණ ගත වෙන බව තහවුරු වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉවත ලන දත් බුරුසු හා කාබන් පෑන් දැමීම සඳහා විශේෂ බහාළුමක් Container සකස් කර තිබෙන අතර මෙම බහාළුම් එකක් බැගින් පාසැල් වලට ලබා දීමට නියමිතය.. එක් බහළුමකට හිස් කාබන් පෑන් බට 3000ක් හා දත් බුරුසු 500ක් පමණ දැමිය හැකිය. WESCO INTERNATIONAL ආයතනය හා ඇට්ලස් ඇක්සීලියා සමාගම විසින් ප්‍රතිචක්‍රීයකරණයට දත්බුරුසු හා පෑන් බට මිල දී ගැනීමට ඉදිරිපත් ව සිටී.

අප රටේ පළමුවරට ආරම්භ කළ මෙම වැඩ සටහන අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම වැඩ පිළිවෙළ අනුව තිරසාර පරිසර ව්‍යාපෘතියක් ලෙස ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කෙරේ..

මෙවැනි බහාළුමක් සෑම රාජ්‍ය හා පුද්ගලික ආයතනයකටම පවත්වාගෙන යා හැකි බවත්, එවැනි බහළුමක් පවත්වාගෙන යාම අනිවාර්ය කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් පැවසීය. මෙම පෑන් හා දත්බුරුසු බහාළුම අතිගරු ජනාධිපතිතුමන්ට සංකේතාත්මකව බාර දීම ලබන 26 දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු කෙරේ.

 

Post Views: 9
Previous Post

යතුරු පැදි අනතුරින් 13 හැවිරිදි දැරියක් මරුට

Next Post

දරුවන්ට අන්තර්ජාලය භාවිතයට ඉඩදීමේදී දෙමාපිය අවධානය යොමු කිරීමට කටයුතු කරන්නැයි ඉල්ලීමක්

editor

editor

Next Post

දරුවන්ට අන්තර්ජාලය භාවිතයට ඉඩදීමේදී දෙමාපිය අවධානය යොමු කිරීමට කටයුතු කරන්නැයි ඉල්ලීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved