• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එක් රටක් – එක නීතියක් ඇති කළ යුතුයි – මන්ත්‍රී මනුෂ කියයි

8 May 2019
in දේශීය

විවිධ පුද්ගලයින්ට විවිධ ආකාරයෙන් බලපාන නීති පද්ධතිය ඉවත් කර ඒ වෙනුවට සියලු දෙනාටම බලපාන එක් නීති පද්ධතියක් ගෙන ආ යුතු බවත් එක රටක් – එක නීතියක් යන අදහස ඇතිව කටයුතු කරන්නේ නම් කිසිදු අන්තවාදී ත‍්‍රස්තවාදයකට ලංකාව තුළ හිස එසවිය නොහැකි බවත් මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා පවසයි.

එක රටක් එක නීතියක් යන්න ජනතාවගේ අවශ්‍යතාවයක් බවට පත්ව ඇති බවත් මෙම ජනතා උවමානව අනුව කටයුතු නොකරන්නේ නම් එය රටට කරන මහා අපරාධයක් බවද ඔහු සදහන් කළේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා ” අපි 225 දෙනාම මේකට වගකිව යුතුයි. අපි දෙසීය විසි පස් දෙනාගේම ආරක්ෂක අංශවලට ඒක දැනුම්දීලා තිබුණා. ඒක වෙනකොට දැනගන්නේ නැති වුනාට පහුවෙනිදා වෙනකොට දැනගන්න ලිපි ලැබිලා තියෙනවා.එකට අපි දෙසීය විසි පහම වගකියන්න ඕන. එලියේ ඉන්න මිනිස්සු පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඔ්න කියලා තමයි හිතන්නේ. මේ සිදුවුනා වගේ දේවල් සිදු නොවීමට කටයුතු නොකර එකිනෙකාට ඇගිලි දිගු කරගනිමින් නින්දිත ආකාරයට කටයුතු කරනවා නම් මිනිස්සු එහෙම හිතන එකේ වරදක් නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ නිසා රටක් විදියට කටයුතු කරමු. අපි පාර්ලිමේන්තුව එකතුවෙලා හැමෝටම බලපාන එකම නීතියක් හදාගනිමු. එක එක ජාතීන්ට විවාහවීමේදී විවිධ වයස් සීමාවන් බලපානල එක එක ඉඩම් නීති බලපාන ක‍්‍රමයන් වෙනස් කරමු. විවිධ විවිධ ජාතීන්ටල විවිධ විවිධ ආගම්වලට සීමාවූ ඇදුම් පැළදුම් වෙනුවට ශ‍්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇතිකරගනිමු. අපි ඉදිරියට අරගෙන යන්න ඔ්න මේ ශ‍්‍රී ලාංකික සංස්කෘතියයිග අපි අපේ ශ‍්‍රී ලාංකික කම ඉදිරියට ගෙන යන නීති පද්ධතියක් හදාගනිමු. මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් පෙළඹවීමක් ඇතිවෙලා තියෙනවා. ඒ සදහා ජනතා උවමනාවක් තිබෙනවා. මේ ජනතා උවමනාව අපි පාවිච්චි නොකළොත් ඒක මේ රටට අපි කරන මහා විනාශයක් බවට පත්වෙනවා.

Post Views: 8
Previous Post

ජාතික හැඳුනුම්පත් සඳහා පාසල් අයදුම්කරුවන් කඩිනමින් යොමු කරන්න

Next Post

පටු දේශපාලන පැත්තකින් තබා එකමුතුව ත්‍රස්තවාදයට මුහුණ දිය යුතුයි – අගමැති

editor

editor

Next Post

පටු දේශපාලන පැත්තකින් තබා එකමුතුව ත්‍රස්තවාදයට මුහුණ දිය යුතුයි - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved