• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එකිනෙකාට චෝදනා කරමින් රට ගොඩ ගන්න බෑ – අගමැති

7 July 2019
in දේශීය

එකිනෙකාට චෝදනා කර ගනිමින් සිට රටක් ගොඩගත නොහැකි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද කළ යුත්තේ සියලු දෙනා එක්ව අලුතින් සිතා රට ගොඩනැගීමට ක්‍රියා කිරීම බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසවේ පසුගිය 05 වනදා රුවන්වැල්ල මැතිවරණ කොට්ඨාශයේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් විවෘත කිරීමෙන් අනතුරුවයි.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය “ අප දැන් සියලූදෙනා එක්ව අලූතින් සිතා ඉදිරියට ගමන් කළ යුතුයි. රටත්, අප වැනි දේශපාලනඥයිනුත් අලූතින් සිතිය යුතුයි. එකිනෙකාට බැණ බැණ සිටීමෙන් පළක් වන්නේ නැහැ. ඔබට අනාගතයක් ලබාදීම සඳහා මෙරට ඉදිරියට ගෙනයා යුතුයි. රටේ දරු පරපුරට වඩා හොඳ අනාගතයක් ලබාදීම අප කාගේත් යුතුකමක්. ඒ නිසා අපි සියලූදෙනාම එකතුවී අපේ රට ගොඩගමු. තායිලන්තය, කොරියාව, ජපානය, චීනය වැනි රටවල් ගොඩගත්තෙත් ඒ රටවල ජනතාවයි. මගේ කුඩා කාලයේ සිංගප්පූරුවේ මිනිසුන් ඇවිත් අපේ වරායේ රැකියා කළා. දැන් සිංගප්පූරුවට ගියාම අපේ මිනිස්සු ඒ රටේ ගෙවල්වල වැඩකරනවා. එදා මැලේසියාවේ, තායිලන්තයේ ජනතාව අපේ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණියා. අපි අද මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය වැනි රටවලට ප්‍රතිකාර සඳහා යනවා. අපේම ශක්තියෙන් එකමුතුවී රට ගොඩගන්න අවශ්‍යයි. එයට වෙනත් කෙටි ක්‍රම නැහැ. ඒ සඳහා ලෝකයේ රටවල් උදාහරණ සපයනවා. බටහිර ලෝකයේ රටවල් දියුණු වූ ආකාරය ගැලපෙන්නේ නැතිනම් අපරදිග ලෝකයේ රටවල් උදාහරණයට ගන්න පුළුවන්. අවශ්‍ය නම් එයිනුත් ථෙරවාදී බෞද්ධ රටක් වන තායිලන්තය උදාහරණයට ගත හැකියි. කොරියාව, චීනය, ජපානය දියුණු වුණේ කොහෝමද? අන්න ඒ ක්‍රමය මතයි ඔබේ අනාගතය රැදී තිබෙන්නේ. අප සියලූදෙනාම එකට එකතුවී මේ රට ගොඩනගන්න අලූතින් වැඩ කරනවා නම්, වසර 05 ක් ගත වන්නට පෙර සියලූ ආයෝජන ලබාගෙන ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රය බවට පත් කළ හැකියි. ඉන්දීය සාගරයේ පොහොසත් රටක් බවට පත් කළ හැකියි. එම ඉලක්කය සපුරාගැනීමට ලබන වසර 05 තුළ ආයෝජන ලබාගැනීමත්, නවීන තාක්‍ෂණය ලබාගැනීමත්, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමත්, නාවුක හා ගුවන් කේන්ද්‍රයක් බවට පත් කිරීමත් කළ යුතුව තිබෙනවා.”යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

මෙම අවස්ථාවන්ට එක්සත් ජාතික පක්‍ෂ සභාපති සහ මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෛද්‍ය තුසිතා විජේමාන්න, ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති හියොන් ලී, දැරණියගල එක්සත් ජාතික පක්ෂ සංවිධායක හා පළාත් සභා මන්ත්‍රී රංජිත් පොල්ගම්පොළ යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ ප්‍රදේශයේ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගිවී සිටියහ.

Post Views: 12
Previous Post

පලාලි ගුවන්තොටුපොළ ජාත්‍යන්තර සහ කලාපීය ගුවන්තොටුපොළක් ලෙස සවංර්ධනයට

Next Post

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් කප්පම් ගැනීමට තැත් කළ දෙනෙකු අත්අඩංගුවට

editor

editor

Next Post

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් කප්පම් ගැනීමට තැත් කළ දෙනෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved