• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එජාපය කඩන්න දෙන්නේ නෑ … අලියා ලකුණින් තරඟ කරන්න එකතු වන්න – රුවන් කියයි

8 March 2020
in දේශීය

රාජපක්ෂවරුන්ගේ ඉතිහාසයේ සිටිම පක්ෂ කඩා දැමීම් සිදු කල බවත් ඔවුන් මෙවර එක්සත් ජාතික පක්ෂය කඩා වැට්ටවීම නතර කල යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ අද (08දා‍) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී විජේවර්ධන මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගය සමග සිටින සියලුම මන්ත්‍රීවරුන්ට එක්සත් ජාතික පක්ෂයේ දොර තවමත් විවෘත බවයි.

අලියා ලකුණින් මැතිවරණය සඳහා ඉදිරිපත් වන බව මැතිවරණ කොමිසමට දන්වා ඇති බැවින්, හංසයා ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා නැවත කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වී අනුමැතිය ලබාගත යුතු බවද ඒ මහතා පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු රුවන් විජේවර්ධන මහතා “ රාජපක්ෂලා විසින් ඉතිහාසයේ විවිධ පක්ෂ කඩන්න කටයුතු කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවා. ජනතා විමුක්ති පෙරමුණත් එක අවස්ථාවකදී කඩන්න කටයුතු කළා. එක්සත් ජාතික පක්ෂයේ පිරිසකුත් කඩලා ඔවුන්ට එකතු කර ගත්තා. ඔවුන් එදා ඉඳන්ම හිටියේ මේ වගේ දේශපාලන ගමනක. එක්සත් ජාතික පක්ෂය ඒ අභියෝගයට මුහුණ දීලා වැඩ කළා. මේක එහෙම කඩා වැටෙන පක්ෂයක් නෙමෙයි. මේ වෙලාවේ අපි සියලු දෙනා එකට එකතු වෙන්න ඕන. අපි කාත් එක්කවත් ඩීල් දාලා නෑ. ජනතාව වෙනුවෙන් අපි එකට එකතුවෙලා ගමන් කරන්න ඕන. සජිත් ප්‍රේමදාස මහතාටත්, එතුමා සමග සිටින මගේ සහෝදර මන්ත්‍රීවරුන්ටත් එක්සත් ජාතික පක්ෂයේ දොර වහලා නෑ. තවමත් ඔවුන්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. දොර විවෘතයි. මේ ප්‍රශ්නවලින් රටටවත්, ජනතාවටවත් ප්‍රයෝජනයක් නෑ යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි

Post Views: 10
Previous Post

මෙරට ආරක්ෂා කළේ රාජපක්ෂවරුන් බව නිමල් ලාන්සා කියයි

Next Post

රනිල් ගේ වැඩ රාජපක්ෂලාගේ උවමනාව අනූව – මනූෂ

editor

editor

Next Post

රනිල් ගේ වැඩ රාජපක්ෂලාගේ උවමනාව අනූව - මනූෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved