• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එදා වැඩ බිමක් ලෙස දිස් වූ ශ්‍රී ලංකාව යළි එම තත්ත්වයට ගෙන්න සියළු දෙනා කැප විය යුතුයි – අගමැති මහින්ද

25 November 2019
in දේශීය

වසර පහකට පෙර වැඩ බිමක් බවට පත්ව තිබූ ශ්‍රී ලංකාව පසුගිය කාලය තුළ ආර්ථිකය පිළිබඳ විශ්වාසය බිඳවැටී, පසුගාමී තත්ත්වයකට පත්ව තිබූ අතර එය යළි පෙර තත්ත්වයට ඔසවා තැබීම සඳහා සියලු දෙනා කැපවීමෙන් කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය, මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මේ සඳහා ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන අධිකාරිය රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය උපරිම සහයෝගය සේම වෘත්තීය ආරක්ෂාව ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (25) මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු අමාත්‍යාංශ නිලධාරීන් අමතමිනි.

වැඩ භාර ගැනීම සඳහා පැමිණි මහින්ද රාජපක්ෂ මහතා මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා විසින් පිළිගනු ලැබීය. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ. බන්ධුල ගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් ද ඊට එක්ව සිටියහ. සර්ව ආගමික වතාවත්වලින් පසු පෙරවරු 10.10 යෙදුණු සුබ මොහොතින් අග්‍රාමාත්‍යවරයා රාජකාරී කටයුතු ආරම්භ කළේ පිරිත් සජ්ඤායනා මධ්‍යයේ ය.

2005 වසරේ සිට 2014 වසර දක්වා වූ රජයේ කාලය තුළ මෙරට ආර්ථිකය ලබා ගත් ජයග්‍රහණ පිළිබඳ සිහිපත් කළ මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර ආර්ථික අර්බුද හමුවේ වුව ද 6.8% ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යාමට තම රජයට හැකි වූ බව ද පෙන්වා දුන්නේ ය.

දළ දේශීය නිෂ්පාදිත අගය එම කාලය තුළ ඇ.ඩො. බිලියන 24 සිට 2014 වසර වන විට එය ඇ.ඩො. බිලියන 79 දක්වා ඉහළ නැංවූ බව පැවසූ මහින්ද රාජපක්ෂ මහතා, ඇ.ඩො බිලියන දෙකක්ව පැවැති විදේශ සංචිත ප්‍රමාණය ඇ.ඩො බිලියන 7.2 දක්වා ඉහළ නැංවීමට හැකි වූ බව ද පැවැසීය. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ 130ක ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට හැකි වූ බව කියා සිටි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ එම කාලය තුළ ජීවන වියදම සහ බදුබර ඉසිලිය හැකි මට්ටමක බදුබර පැවැති බවයි. 2005 වසරේ දී දළ දේශිය නිෂ්පාදිතයට සාපේක්ෂව 91%ක්ව පැවැති ණයබරතාව 2014 වසර වන විට 71% මට්ටමට අඩු කළ බව ද සිහපත් කළේ ය. එම කාලය තුළ පොලී අනුපාතය තනි ඉලක්කමක පවත්වාගෙ යාමට හැකි වූ බව කී අග්‍රාමාත්‍යවරයා එම කාලය තුළ දේශීය විදේශීය ආයෝජනය ද ඉහළ මට්ටමකට ගෙනයමින් මුළු රටම වැඩ බිමක් සේ දිස් වූ බව අවධාරණය කළේ ය.

එහෙත් 2015 වසරෙන් පසු මේ සියලු තත්ත්වයන් වෙනස්වන්නට පටන් ගත්තේ මූල්‍ය පද්ධතිය දුර්වල කරමිනි. ආර්ථිකය පිළිබඳ විශ්වාසය බිඳ වැටිණි. ආර්ථික වර්ධන වේගය පහළ වැටිණි. පොලී අනුපාතය දෙගුණ විය. ආයෝජන පහළ වැටිණි. යම් සතුටු දායක මට්ටමක තිබූ සංචාරක ව්‍යාපාරය ද පාස්කු ප්‍රහාරයත් සමග බිඳ වැටුණු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් පමණක් රටේ ණය බරතාවය පසුගිය වසර හතර තුළ රුපියල් බිලියන 1760කින් ඉහළ ගිය බව ද හෙතෙම සඳහන් කළේ ය.

බදු ක්‍රියාවලිය සංකීර්ණ තත්ත්වයකට පත්ව තිබේ. ජීවන වියදම ඉහළ ගොස් ඇත. උද්ධමනය දෙගුණයක් බවට පත්ව ඇත. බොහෝ දෙනාට ණය තොරතුරු කාර්යාංශයේ අසාදු ලේඛණවලට එක් වීමට සිදුව ඇත. මේ සියල්ල අතර රාජ්‍ය නිලධාරීන්ට මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත යාමට ද සිදු විය. මේ හේතුවෙන් නිලධාරීන් තීරණ ගැනීමට මැලිකමක් දැක්වීය. මහ බැංකු කොල්ලය සිදු වූ අතර අද වන විට ආර්ථිකය බිම වැටී හිරවී ඇති බව මහ බැංකුවම පවසයි.

සියල්ල මෙසේ සිදු වෙමින් තිබිය දී රටේ වාසනාවට ජනතාව නිවැරැදි තීන්දුවක් ලබා දී තිබේ. ඒ තීන්දුව මත යළිත් රටේ ජනතාව සහ ව්‍යාපාරිකයන්, ආයෝජකයන් ආකර්ෂණය කරන තත්ත්යකට ගෙන ආ යුතු ය. ආර්ථික පිළිබඳ විශ්වාසයක් සියලු පාර්ශ්වයන්ට ඇති කළ යුතු ය.

අප කිසි විටෙක දුන් පොරොන්දු කඩ කර නොමැත. රට යළි වැඩ බිමක් බවට පත් කිරීම සඳහා සියලු දෙනාගේ කැපවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපේක්ෂා කරයි.

පසුගිය වකවානුව තුළ රාජ්‍ය නිලධාරීන් මූල්‍ය අපරාධ කොට්ඨාශයට සේම අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කරනු ලැබීය. එබැවින් නිලධාරීන් වගකීම් භාර නොගෙන කටයුතු කරන තත්ත්වයක් දක්නට ලැබේ. රජයේ ප්‍රතිපත්ති වෙනුවෙන් සද්භාවයෙන් ගනු ලබන තීරණවල දී ඔවුන් අතින් සිදු වන වැරැදි අඩුපාඩුවලින් එම නිලධාරීන් නිදහස් කිරීම සඳහා රජය නව නීති සකස් කිරීමට කටයුතු කරන බව දැන් වූ අග්‍රාමාත්‍යවරයා එසේ නිලධාරීන් විසින් ගනු ලබන සෑම නිවැරැදි තීරණයක් වෙනුවෙන් ම රජය පෙනී සිටින බවත් අවධාරණය කළේ ය.

Post Views: 6
Previous Post

දේශපාලන ඩීල් දැමීම නතර කරන්න – මනුෂ නානායක්කාර

Next Post

වරාය දියුණු කරන්න සියළු දෙනා කැප වන්න ලෙස ඇමැති ජොන්ස්ටන් වැඩ භාරගනිමින් කියයි (විඩියෝ)

editor

editor

Next Post

වරාය දියුණු කරන්න සියළු දෙනා කැප වන්න ලෙස ඇමැති ජොන්ස්ටන් වැඩ භාරගනිමින් කියයි (විඩියෝ)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved