• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඕනෑම ජනවර්ගයකට ගෞරවනීයව ජිවත් වීමට එජාපය හැමවිමට කැප වෙනවා – අගමැති

16 August 2019
in දේශීය

ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් යෝජනා කර ඇති බලය බෙදා ගැනීම හා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම යන සංකල්පයන් සඳහා එක්සත් ජාතික පක්ෂය හැමවිටම කැපවී ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (15) වෙනිදා යාපනය ගුරුනගර් ධීවර වරායේ සංවර්ධන කටයුතු කිහිපයකට මුල්ගල තැබීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින්. අග්‍රාමාත්‍යවරයෙක් ගුරුනගර් ප්‍රදේශයට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

රටේ බහුතර හෝ වේවා, සුළුතර හෝ වේවා ඕනෑම ජනවර්ගයකට අභිමානයෙන් හා ගෞරවයෙන් යුතුව ජීවත්වීමේ අවකාශය උදාකරලීම තමාගේත්, තම පක්ෂයේත් අභිප්‍රාය බවය. එසේම දෙමළ ජනතාවට සිය එදිනෙදා කටයුතු පිළිබඳව ස්වාධීන තීරණ ගැනීමේ අයිතිය හිමිවිය යුතු බව තමන් ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නා බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

වර්තමානයේ රට තුල පැසොවමින් පවතින සමහර ප්‍රශ්න වලට තිරසර දේශපාලන විසඳුම් ලබාදිය යුතු බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා ඒ විසදුම් ලබාගැනීම සඳහා බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය.

බහුතර බලය ලබාගැනීමට ශක්තියක් වන ලෙස වික්‍රමසිංහ මහතා උතුරේ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රිවරුන් වන මාවෙයි සේනාධිරාජා, එම්. එම්. සුමන්තිරන්, ශ්‍රී සරවණභවන්, හිටපු උතුරු පළාත් සභා සභාපති සී.වී. කේ. සිව ඥානම්, යාපනය නගරාධිපති ආනෝල්ඩ්, යාපනය දිස්ත්‍රික් ලේකම් එන්. වේදනායගන්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෙඣීවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වී.සිව ඥාණසෝති, යන මහත්ම මහත්මීන් ද, ප්‍රාදේශීය දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.

Post Views: 6
Previous Post

මෛත්‍රි ජනාධිපතිවරණයෙන් දිනුවොත් 2020 තමයි නව ධුරය පටන් ගන්නේ

Next Post

ජාතික ආරක්ෂාවට නුසුදුසු ප්‍රකාශවලින් වළකින ලෙස සියලු දෙනාගෙන් ඉල්ලයි – ජනපති

editor

editor

Next Post

ජාතික ආරක්ෂාවට නුසුදුසු ප්‍රකාශවලින් වළකින ලෙස සියලු දෙනාගෙන් ඉල්ලයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved