• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ක්‍රිකට් ක්‍රිඩාව රැක ගන්න මාලිංගත් මාත් එක්ක එකතු වෙයි ..! අර්ජුන

26 July 2019
in ක්‍රීඩා

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමේ සටනට තමන් හා ලසිත් මාලිංගද එක්වනු ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විශ්වාසය පළ කරයි.

රණතුංග මහතා මේ බව කියා සිටියේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් අද සමුගන්නා ලසිත් මාලිංගට සුබ පැතුම් එක්කර විශේෂ ලිපියක් යොමු කරමින්.

ලසිත් මාලිංග ශ්‍රී ලංකා‍වේ ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය එම ලිපියෙන් අගය කරන අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පවසන්නේ ලසිත් මාලිංග ක්‍රිකට් පිටියේ රමණීයත්වය සහ චමත්කාරය සනිටුහන් කළ විශිෂ්ට ක්‍රීඩකයකු වන බවයි.

ලසිත් මාලිංගට යොමු කළ ලිපියෙහි මෙසේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. “ වසර 15ක් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේදී ශ්‍රී ලංකා අභිමානය රැක දුන් ඔබට මම මගේ උපහාරය හදවතින්ම පුද කරමි. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් අද සමුගන්නා ඔබගේ නම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට එක් වන්නේ ක්‍රිකට් පිටියේ රමණීයත්වය සහ චමත්කාරය සනිටුහන් කළ දක්ෂ ක්‍රීඩකයකු ලෙසම පමණක් නොවේ. 2015 වසරින් පසු මෑත කාලීන ක්‍රිකට් පරිපාලනයෙහි නොයෙකුත් කෙණෙහිලිකම් මැද දක්ෂතා ප්‍රකට කළ ක්‍රීඩකයකු ලෙසින්ද වේ. අද අපේ ජීවිතයේ යම් සතුටක් කීර්තියක් හෝ ප්‍රතිලාභයක් ලබා ඇත්නම් එය අපට හිමි වූයේ ක්‍රිකට් ක්‍රීඩාව නිසාය. අපට දිරිදුන් ක්‍රීඩා ලෝලීන්, අපේ ක්‍රිකට් ගුරුවරුන්ගේ සහ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියලු දෙනාගේම අපේක්ෂාව වන්නේද මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණවයි. අපේ රටට ඉමහත් කීර්තියක් ගෙන දුන් එම ක්‍රීඩාව රැක ගැනීමට මම අවංකවම පෙනී සිටිමි. ඒ සටනට ඔබේ සහායද අනාගතයේදී එක් වනු ඇතැයි මම විශ්වාස කරමි. ඔබගේ ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වේවායිද මම සුබ පතමි…”යිද එම ලිපියේ දැක්වෙයි. එම ලිපි‍ය මේ සමඟ අමුණා එවමි.

Post Views: 9
Previous Post

නුපන් දරුවන් වෙනුවෙන් මහින්ද යළි සටනට

Next Post

බංගලි පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් …… මාලිංග එක්දින පිටියෙන් සමුගනි

editor

editor

Next Post

බංගලි පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් ...... මාලිංග එක්දින පිටියෙන් සමුගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved