• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනතුරක

14 March 2024
in දේශීය, පුවත්
ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනතුරක

A9 මාර්ගයේ තිරප්පනේ පොලිස් වසමේ පුංචිකුලම ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ ලොරි රථයක් මුහුණට ගැටීමෙන් සිදුවූ මෙම අනතුරෙන් ලහිරු තිරිමාන්න ඇතුළුව තවත් හතර දෙනකු තුවාල ලබා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙම අනතුර අද පෙරවරු 8.00ට පමණ සිදුව ඇති බවයි තිරප්පනය පොලිසිය සඳහන් කළේ.

මෙම තුවාල ලැබූවන් අතර ලහිරු තිරිමාන්නගේ මව සහ ඔහුගේ රියදුරුද,ලොරි රථයේ රියදුරු සහ රිය සහායකවරයාද සිටින බවයි සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන තිරප්පනය පොලිසිය සඳහන් කළේ.

මේ වන විට ලහිරු තිරිමාන අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබෙන අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

කොළඹ සිට අනුරාධපුර දෙසට පැමිණි ලහිර තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය සහ අනුරාධපුර දෙස සිට කැකිරාව දෙසට ගමන් කළ ලොරි රථය මෙලෙස මුහුණට මුහුණ ගැටී තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීම සඳහා ලහිරු තිරිමාන්න සහ ඔහුගේ මව පැමිණි බවයි ඔවුන්ගේ ඥාතියකු රෝහලේ දී ප්‍රකාශ කර සිටියේ.

ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 9,988
Previous Post

IMF සහ NPP නියෝජිතයින් අතර හමුවක් කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී

Next Post

බැසිල් රාජපක්ෂ පොහොට්ටු පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් කරනවා – රාජ්‍ය අමාත්‍ය ශාන්ත

editor ttvnews

editor ttvnews

Next Post
බැසිල් රාජපක්ෂ පොහොට්ටු පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් කරනවා – රාජ්‍ය අමාත්‍ය ශාන්ත

බැසිල් රාජපක්ෂ පොහොට්ටු පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් කරනවා - රාජ්‍ය අමාත්‍ය ශාන්ත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved