• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ක්‍රිකට් විනාශ කළ අය ජනපතිගේ වේදිකාවෙන් බිමට බස්සවන්න – ඇමැති අර්ජුන

10 February 2019
in දේශීය

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළ දූෂිත පුද්ගලයින් ජනාධිපතිවරයාගේ වේදිකාවෙන් බිමට බැස්සවීමට කාලය පැමිණ ඇති බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. මේ වසර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි දිශාවට යොමු කිරීමේ වසරක් වනු ඇති බවටද අර්ජුන රණතුංග අමාත්‍යවරයා අපේක්ෂා පළ කළේය.

ඒ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී කළ ප්‍ර‍කාශයක් පිළිබදව අද (10) ගම්පහ පැවැති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍ර‍ශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ආගමක් වගේ. එය විනාශ වෙන්න පටන් ගත්තේ 2015 වසරේ සිට. එයට ක්‍රීඩකයින්ට විතරක් දොස් කියලා හරි යන්නේ නැහැ. එයට ක්‍රිකට් පරිපාලනයට පැමිණි නුසුදුසු පුද්ගලයනුත් වගකියන්න ඕන. ඒ බව මම 2015 සිටම කිව්වා. නමුත් කිසිම කෙනෙක් ඒබව ගාණකට ගත්තේ නැහැ. 2015න් පසුව හිටපු ක්‍රීඩා ඇමැතිවරු දෙදෙනාම එනම් දයාසිරි සහ ෆයිසර් යන මහහත්වරුන් ශ්‍රී ලංකා නිදහස්පක්ෂේ ඇමැතිවරු. ඒ දෙන්නම අනවශ්‍ය පුද්ගලයින්ට ක්‍රිකට් පරිපාලනයට ඒම සදහා අවස්ථාව දුන්නා. ඒ නුසුදුසු පුද්ගලයෝ තමයි, ඒ දූෂිත පරිපාලනය තමයි ක්‍රිකට් ක්‍රීඩාව සූදුවට ගෙන ගියේ. එයින් ඇතිවුණු විනාශය ජනාධිපතිතුමාට තේරුණු එක ගැන මම සතුටු වනවා. නමුත් අදත් ඒ පුද්ගලයෝම තමයි ජනාධිපතිතුමාගේ වේදිකාවේ ඉන්නේ. ඒ පුද්ගලයින් දැන් වේදිකාවෙන් බිමට බස්සවන්න ජනාධිපතිතුමාට දැන් හරි කාලය ඇවිල්ලා තියෙනවා. මං ජනාධිපතිතුමාට උපදේශයක් දෙනවා නෙමෙයි. නමුත් එවැනි දූෂිත පුද්ගලයින් තමන්ට කිට්ටු තැන්වල තිබ්බම මිනිසුන් අතර ජනාධිපතිතුමාත් පිරිහෙන්නට පුළුවන්….”යිද එහිදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. ඊට ප්‍ර‍තිචාර දක්වමින් මාධ්‍යවේදියකු ප්‍ර‍ශ්න කළේ “ඇමතිතුමා, තිලංග සුමතිපාල මහතා තමයි හිටපු ක්‍රිකට් සභාපතිතුමා. එතුමා ඉදිරිපිට තමයි ජනාධිපතිතුමා මේ ප්‍ර‍කාශය කරන්නේ.. ඉතිං ජනාධිපතිතුමාට පුළුවන්නේ ප්‍ර‍කාශ කරන්නේ නැතිව සුදුසු පියවරක් ගන්න…..” යනුවෙනි. ඊට අමාත්‍ය අර්ජුන රණතුංග මහතා දැක්වූ ප්‍ර‍තිචාරය වූයේ,

“මං දන්න ජනාධිපතිවරයා හරි වෙලාවට තිරණ ගන්න කෙනෙක්. සමහර විට කාලය පැනලා ඇති. නමුත් ජනාධිපතිවරයා ඉක්මනින්ම තීරණයක් ගනීවි. ඒ වගේම දැන් ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රීඩා අමැතිවරයෙක්. හරින් ප්‍ර‍නාන්දු මහතා. එතුමාත් හරි තීරණ ගන්න කෙනෙක්. අනිවාර්යෙන්ම ඉදිරි ක්‍රිකට් නිලවරණයෙන් පසුව අපිට ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි කරන්න පුළුවන් වේවි….”යි යනුවෙනි.

Post Views: 13
Previous Post

මහින්ද , රාජිතට දුන් චරිත සහතිකයක්.. !

Next Post

ගෝඨාගේ මුලික විරෝධතාව ප්‍රතික්ෂේපයි

editor

editor

Next Post

ගෝඨාගේ මුලික විරෝධතාව ප්‍රතික්ෂේපයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved