• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ක්ලින් මෑන්ගේ වැඩ ලබන සිකුරාදා

17 January 2020
in දේශීය

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහව මේ වන විට පක්ෂ නායකත්වයෙන් ඉවත් කල යුතු බවට පක්ෂයේ එක් අභ්‍යන්තර පිරිසක් කටයුතු කරනු ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් පක්ෂයේ අභ්‍යන්තරයේ පිරිස් කියා සිටින්නේ රනිල් විශ්‍රාම ගත යුතු බවයි.

පක්ෂයේ නායකත්වය සජිත්ට ලබා දිය යුතු බවත් තරුණ නායකත්වය ගෙන කටයුතු කල යුතු බවයි. නමුත් පක්ෂයේ අභ්‍යන්තර කොතෙක් ගැටුම් ඇති වුව ද මේ වන විට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පවසා සිටින්නෙම මේ පැන නැගී තිබෙන ගැටළු අස්සේ නායකත්වය සජිත් හට ලබා දීම අවදානම් සහගත තත්ත්වයක් බවයි.

මන්ද මේ වන විට තරුණ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කල රන්ජන් රාමනායක වැනි පුද්ගලයින්ගේ හැසිරීම හේතුවෙන් පක්ෂයේ ඇති වු කැලැල ද මේ වන විට ඡන්ද වලට හානියක් බව එජාපයේ අභ්‍යන්තර ප්‍රකාශකයෙකු කියා සිටියේය.

මේ වන විට රන්ජන් සමඟ සංවාද පැවැත්වු මන්ත්‍රීවරුන් පවා බියට පත්ව ඇත්තේ ඔවුන් රනිල්ට මෙන්ම සජිත්ට ද විවිධ චෝදනා කරමින් හා හාසයට ලක් කළ නිසාවෙනි. රනිල්නම් කිසිදෙයක් ගනන් නොගන්නා කෙනෙකු වුවත් ප්‍රේමදාසය ඒවා සිතේ තබාගෙන නාම යෝජනා පවා නොදීමට කටයුතු කරනු ඇති බව කිහිප දෙනෙකු පවසා ඇති බව වාර්තා වේ.

ඒ අනුව තවදුරටත් රනිල්ව නායකත්වයේ තබා මෙම අර්බුධ විසදන තුරු සිටිය යුතු බව ඔවුන් විශ්වාස කරන බව එජාප අභ්‍යන්තර තොරතුරු ප්‍රකාශකයා කියා සිටියේය.

තත්ත්වය මෙසේ තිබිය දී රනිල් පාර්ශවයෙන් කල විමසීමකදී ඔහු සමීපතයෙකු අප වෙත කියා සිටියේ ඉදිරි දින කිහිප තුලදී එජාපයේ මේ ඇතිව තිබෙන තත්ත්වය මැඩ පැවැත්වීමට කටයුතු කරන බවයි. එම පුද්ගලයා අප වෙත කියා සිටියේ වැඩ නොකරන පිරිස් විසින් රනිල්ව ඉවත් කරන උත්සහාය පරාජයට පත් කරන බවයි.

නමුත් මේ වන විට පක්ෂ නායකත්වය කරු ජයසුරිය හට ලබා දීමට කටයුතු කල යුතු බව ඇතැමුන් කියා සිටිය ද ඔහුද ඇතැම් විට එය මඟ හරින තත්ත්වයට පත්ව ඇති බව දැන ගන්නට ඇත. කෙසේ නමුත් ඉදිරියේදී රනිල්ගේ හොඳ හොඳ වැඩ බලාගත හැකි බවයි එම පුද්ගලයා අප වෙත කියා සිටියේය.

මේ නායකත්වය වෙනුවෙන් කෑමොර දෙන බොහෝ දෙනෙකු වැඩ කල හැකි අය ද යන්න පිළිබඳ ගැටළුවක් බව ද එම තොරතුරු සපයන්නා අප වෙත කියා සිටියේය. කෙසේ නමුත් ලබන සිකුරදා දිනවන විට මෙම සියලු දේ වෙනස් වීමට බොහෝ ඉඩ කඩ ඇති බව රනිල්ගේ සමීපතයා අප වෙත වැඩිදුරටත් පවසා සිටියේය.

 

දිලිනි සමන්මලි

Post Views: 7
Previous Post

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ආශ්‍රිත ගැටලු ගැන ජනපති අවධානයට

Next Post

කොරගහන ආණ්ඩුවක් රටට වැඩක් නෑ – රාජ්‍ය අමාත්‍ය සෙනෙවිරත්න

editor

editor

Next Post

කොරගහන ආණ්ඩුවක් රටට වැඩක් නෑ - රාජ්‍ය අමාත්‍ය සෙනෙවිරත්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved