27 April 2024
#දේශීය

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ආශ්‍රිත ගැටලු ගැන ජනපති අවධානයට

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ආශ්‍රිතව මතුව ඇති පාරිසරික සහ ජනතා ගැටලුවලට ස්ථීර විසදුම් දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ සහ හලාවත රදගුරු ඇතුළු ප්‍රදේශයේ පූජකතුමන්ලා, ප්‍රදේශවාසීන් සහ පරිසරවේදීන් සමග අද (17) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවක දීය.

තාක්ෂණික ක්‍රමවේද සහ පරිසර නියමයන්ට අනුව තාප බලාගාරයේ ක්‍රියාකාරිත්ව සිදුවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කලේය.

ව්‍යාපෘතිය ඇරඹිමේ දී එකග වු පරිසර නියමයන් පසුගිය වකවානුවේදී නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමෙන් පරිසරයට සහ ජනතාවට සිදුව ඇති හානිය ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරිණ.

ව්‍යාපෘතිය භාර සමාගම් සහ බලධාරින් කැඳවා අදාළ උපදෙස් කඩිනමින් දෙන බව ජනාධිපතිවරයා පැවසිය.

නොරොච්චෝලේ දැනට ක්‍රියාත්මක අදියර තුනෙන් මෙගා වොට් 900ක විදුලියක් ජනනය කෙරේ. එහි සිව්වන අදියර පිළිබදව මෙතෙක් තීරණයක් ගෙන නැත. රටේ වේගවත් සංවර්ධනයකට බලශක්තිය තීරණාත්මක සාධකයකි. එබැවින් විකල්ප බලශක්ති කෙරෙහි කඩිනමින් යොමු වීමේ වැදගත්කම ජනාධිපතිවරයා පැහැදිළි කළේය. විකල්ප බලශක්ති අවම වියදමකින් උත්පාදනය කළ යුතුය. ඒවා පරිසර සහ ජනතා හිතකාමී විය යුතුය. නොරොච්චෝලේ බලාගාරයේ කටයුතු විමර්ශණයට විදුලිබල අමාත්‍යවරයා, අදාළ ඉංජිනේරුවන් ඇතුළු කණ්ඩායමක් යොමු කරන බව ජනාධිපතිවරයා පැවසීය.

තමා ද බලාගාරය නිරික්ෂණයට පැමිණෙන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටි අතර ආගමික නායකයන්ගේ සහ ප්‍රදේශයේ ජනතාව සමග සාකච්ඡා කර ගැටලු නිරාකරණයට පියවර ගන්නා බව ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *