• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කාබනික පොහොර ගුණාත්මක බව පිරික්සීමට නියාමනයන් සැකසේ

2 May 2019
in ව්‍යාපාර

මෙරට නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොරවල නියමිත සංඝටක ඇතිදැයි සොයා බැලීම අනිවාර්යයන්ම සිදුකළ යුතු බවත්, ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නියාමනයක් ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

මේ වන විට කෘෂිකර්ම අමාත්‍යාංශයේ සමාගම් 30ක් පමණ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ලියාපදිංචි වී ඇතත්, ඇතැමුන් පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය පිළිබඳ මෙතෙක් විමර්ශන සිදුනොකිරීම පිළිබඳ අමාත්‍යවරයා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පොහොර සමාගම්හි නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදිය.

එසේම කාබනික පොහොර නිෂ්පාදනයේදී සංඝටකයක් ලෙස භාවිතා කරනු ලබන පොස්පරස් සඳහා එප්පාවල පොස්පේට් භාවිත කළ හැකි බව කාබනික පොහොර නිෂ්පාදකයන්ව දැනුවත් කරන ලෙස පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

මේවන විට මෙවර යල කන්නය සඳහා අවශ්‍ය පොහොර ගබඩාවන් තුළ පවතින බවත්, ලක්පොහොර හා කොමර්ෂල් පොහොර සමාගම් සතු ගබඩාවන්හි පවතින ගැටළු කඩිනම්ව විසඳිය යුතු බව අමාත්‍යවරයා කීය.

ඒ අනුව අනුරාධපුර කිරලෝගම ගබඩාව සඳහා ප්‍රවිෂ්ඨ වන මාර්ගය කොන්ක්‍රීට් යොදා සැකසීමත්,වැලිමඩ සේරුනුවර සහ පදවිය සඳහා නව ගබඩා ඉදිකිරීම සඳහා පියවර ගත යුතු බව මෙහිදී යෝජනා විය.

ඉදිරියේදී රජයේ වතු සඳහා එප්පාවල පොස්පේට් සමාගමේ පොහොර යෙදීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සිය එකඟතාවය පළකළ බවත්, තේ, පොල්, රබර් සඳහා එප්පාවල සමාගමේ පොස්පේට් පොහොර භාවිතය ත්‍රීව කළ යුතු බව අමාත්‍යවරා පැවැසීය. දැනට සමාගම නිෂ්පාදනය කරනු ලබන මෙට්‍රික් ටොන් 50,000 ක ප්‍රමාණය 70,000 දක්වා වැඩිකළ යුතුබව හෙතෙම පැවසිය.

Agri Meeting TTVnews

Post Views: 16
Previous Post

මුහුදු රළ ගැන අවවාදාත්මක්

Next Post

ළමයා සහ තරුණයා අර්ථ නිරූපණය කිරීමට අදාළ පනත් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

editor

editor

Next Post

ළමයා සහ තරුණයා අර්ථ නිරූපණය කිරීමට අදාළ පනත් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved