27 April 2024
#දේශීය

මුහුදු රළ ගැන අවවාදාත්මක්

පවතින කාලගුණික තත්වය තුළ මැයි මස 02 දින සිට මැයි මස 04 දින දක්වා මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 සිට 3.5 ක් දක්වා (මෙය ගොඩබිමට පැමිණිය හැකි රළ උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රදේශවල මුහුද රළුවිය හැකි බව එම දෙපාර්ත්මේන්තුව නිකුත් කළ නිවේදනයේ නිවේදනයේ තවදුරටත් දන්වා ඇත.

මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා වන කලාපයේ වෙරළාසන්නයේ ජීවත් වන ජනතාව, ධිවර සහ නාවුක කටයුතුවල නිරත වන ජනතාව මේ පිලිබදව අවධානයෙන් සිටින ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ සදහන් වේ.

ඕනෑම හදිසි තත්වයක දී 117 යන හදිසි ඇමතුම් අංකය අමතන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *