• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ ජනපතිගෙන් ජනතාවට සහන රැසක් …..

23 March 2020
in සංවර්ධන

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

සියලු සහන අද (23) දින සිට ක්‍රියාත්මක කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මේ සහන ජනතාවට ලබාදීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සහ සියලුම බැංකු, මූල්‍ය ආයතන හා කල්බදු ආයතන ප්‍රධානීන් වෙත නියෝග කර තිබේ.
ප්‍රදානය කර ඇති සහන මෙසේය,

ආදායම් හා වැට් බදු, රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු රුපියල් 15,000 ට අඩු ජල, විදුලි බිල්පත්, වරිපනම් බදු, බැංකු චෙක්පත් වලංගු කාලසීමා, රුපියල් 50,000 ට අඩු මාසික ණයපත් (Credit Card) ගෙවීම් 2020 අප්‍රේල් මස 30 වන දින දක්වා දීර්ඝ කර ඇත.

ත්‍රිරෝද රථ හිමියන්ගෙන් ලීසිං ණය වාරික අය කරගැනීම මාස 06 කට අත්හිටුවීම.

 

රජයේ සේවකයින්ගේ හා පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයින්ගේ වැටුපෙන් ණය වාරික අයකිරීම් 2020 මැයි මස 30 වන දින දක්වා අත්හිටුවා තිබේ.

බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති රුපියල් ලක්ෂ 10 ට අඩු පෞද්ගලික ණය අයකරගැනීම මාස 03 කට අත්හිටුවා ඇත.

 

රැකියා සඳහා තෝරාගත් උපාධිධාරීන්ගේ, මාර්තු මස අභ්‍යාසලාභී දීමනාව වන රුපියල් 20,000 ඔවුන්ගේ බැංකු ගිණුමට බැර කෙරේ.

කොරෝනා වෛරසය මර්දනයේ නිරත සෞඛ්‍ය, පොලිස්, සිවිල් ආරක්ෂක ඇතුළු රජයේ සේවකයින් සඳහා වන අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ දෙගුණයකින් වැඩි කෙරේ.

 

සංචාරක, ඇගළුම්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මාස 06 ක ණය සහන කාලයක් (DEBT MORATORIUM) ක්‍රියාත්මක කිරීම හා ශ්‍රී ලංකා මහ බැංකුව එම මුදල් ප්‍රතිමූල්‍ය කිරීම.

ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල ඒකාබද්ධව භාණ්ඩාගාර බැඳුම්කර හා බිල්පත් වල මුදල් ආයෝජනය කිරීමේදී, එමගින් මුදල් වෙළඳපොළ 7% ක පොළී අනුපාතය යටතේ ස්ථාවර කිරීම.

 

මාසික ණය මුදල රුපියල් 50,000 දක්වා වන දේශීය ගණුදෙනු සඳහා භාවිත ණයපත් (Credit Card) සඳහා ණය පොළී අනුපාතය 15% ක උපරිමයකට යටත් කිරීම හා අවම මාසික අයකිරීම 50% කින් අඩුකිරීම.

ඇඳිරි නීතිය නැති අවස්ථාවල සියලුම බැංකු ශාඛා ගණුදෙනුකරුවන්ට උපරිම සේවාවක් සැලසෙන පරිදි විවෘතව තැබීම

ශ්‍රී ලංකා වරාය, රේගුව හා සෙසු නියාමන ආයතන අත්‍යාවශ්‍ය ආහාර, පොහොර, ඖෂධ සහ ඉන්ධන අඛණ්ඩව අදාළ පුද්ගලයින්ට නිකුත් කළ යුතුය.

සමෘද්ධිලාභීන් හා සමෘද්ධි කාඩ්පත් හිමියන් සඳහා රුපියල් 10,000 ක පොළී රහිත අත්තිකාරම් මුදලක් සියලුම සමෘද්ධි බැංකු සංගම් මගින් ලබාදීම.

ලංකා සතොස හා සමූපකාර වෙළෙඳසැල් වැට් බදු හා වෙනත් ප්‍රාදේශීය බදු හා ගාස්තු වලින් නිදහස් කිරීම.

අඩු ආදායම්ලාභීන් සඳහා පෝෂණ ආහාර ද්‍රව්‍ය නිකුත් කිරීම වෙනුවෙන් සමෘද්ධි අධිකාරිය සමෘද්ධි හා අඩු ආදායම්ලාභී පවුල් සඳහා හිමිකම් සහතික පත් වහාම නිකුත් කළ යුතුය. එම පවුල්වලට වැඩිහිටියන්ට හා අඩු ආදායම්ලාභීන්ට සහල්, පරිප්පු, ලූණු ආහාර හිමිකම් සහතික පත් (Food Card) මඟින් සතිපතා ලබා දිය යුතුය.

 

COVID – 19 වෛරසය පැතිර යාම වැළැක්වීමට හා අදාළ සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ කටයුතුවලට සහන සැලසීමට ජනාධිපති අරමුදලේ විශේෂ ගිණුමක් ලංකා බැංකුවේ විවෘත කර ඇත. ඒ සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 100 ක් තැන්පත් කර තිබේ. සියලු දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන්ට ඊට දායක වීම සඳහා බදු හා විදේශ විනිමය පාලන සීමා ඉවත් කර ඇත.

SAARC රටවල කොරෝනා අරමුදලට ශ්‍රී ලංකා රජයෙන් ඇ. ඩො. මිලියන 05 ක් වෙන්කිරීම.

මේ තීරණ වහාම ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිතුමාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා අදාළ නිලධාරීන්ට නියම කරයි.

Post Views: 7
Previous Post

කොරෝනා ආසාධිතයන් 91 දක්වා ඉහළට – මෙරට පලමු රෝගියා සුවය ලබයි

Next Post

කොළඹ, ගම්පහ, කළුතර කොරෝනා වෛරසය අවදානම් කලාප වේ

editor

editor

Next Post

කොළඹ, ගම්පහ, කළුතර කොරෝනා වෛරසය අවදානම් කලාප වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved