• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොවිඩ් මැඩීම ගැන ජනාධිපති අගමැති ප්‍රමුඛ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වෙත මල්වතු – අස්ගිරි ප්‍රණාමය

19 May 2020
in දේශීය

කොරෝනා වෛරසයෙන් රට මුදා ගැනීමට ජනපති, අගමැති ප්‍රමුඛ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ එකට එක්ව ගෙන යමින් තිබෙන වැඩපිළිවෙළ ඉතා සාර්ථක බව මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් පෙරේදා (17) පවසා ඇත.

ඒ සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පෙරේදා (17) පෙරවරුවේ මල්වතු අස්ගිරි උභය මහ විහාරයන්ට ගොස් එම පාර්ශවයේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේය.

මහනාහිමිවරු බැහැදැකීමට පෙර ශ්‍රී දළදා මාලිගාවට ගිය ඇමැතිවරිය දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.

අනතුරුව ශ්‍රී දළදා සමිඳුන් උදෙසා පුෂ්පෝපහාර පවත්වා ආශිර්වාද ලබාගත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මල්වතු මහ විහාරයට ගොස් එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තාය. පසුව අස්ගිරි මහා විහාරයට ගිය ඇමැතිවරියට එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් ආශිර්වාද කළහ.

ලෝකයේ බොහෝ රටවලට වඩා ඉදිරියෙන් සිට වෛසරය පාලනය කිරීමට අපට හැකිවී තිබෙන බවත් මල්වතු අස්ගිරි මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පවසා ඇති අතර  මේ ආකාරයට වෛරසය පාලනය කිරීමට හැකිවූයේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයින්ගේ අදහස් වලට කන්දෙමින් ජනපති හා අගමැති සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඒකාබද්ධ කරගනිමින් එකම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම නිසා බවත් මෙම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගැනීම ඉතා වැදගත් බවත් එහිදී පෙන්වාදී තිබේ.

. අනතුරුව කොවිඩ්-19 වෛරසය පාලනය සම්බන්ධයෙන් රජය ගෙනයමින් තිබෙන වැඩපිළිවෙළ සම්බන්ධවත් රටේ වත්මන් තත්ත්වය පිළිබඳවත් ඇය මහනාහිමිවරු දෙනම දැනුවත් කර ඇත.

වෙනත් රටවල සෞඛ්‍ය අංශය භාර ඇමැතිවරු පීඩනය දරාගත නොහැකිව තනතුරු අත්හිරිද්දී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සියළු අංශ ඒකාබද්ධ කරගනිමින් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට කටයුතු කළ ආකාරය සම්බන්ධව මහනාහිමිවරු දෙනම ප්‍රශංසා කළ බව සඳහන් ය.

Post Views: 9
Previous Post

ලංකා තේ සඳහා ඉතිහාසගත මිලක්

Next Post

විදෙස් රැකියා සඳහා පිටත්වයන්නන් ලියාපදිංචිය 20 වනදා ඇරඹේ

editor

editor

Next Post

විදෙස් රැකියා සඳහා පිටත්වයන්නන් ලියාපදිංචිය 20 වනදා ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved