• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගංවතුරෙන් විපතට පත් ජනතාවට හානි පූරණය කිරීමට සහ වන්දි ලබාදීමට ජනපතිගෙන් උපදෙස්

25 December 2018
in දේශීය

උතුරු පළාතට බලපෑ ගංවතුරෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන වැඩපිලිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යන අතරම, ආරක්ෂිත කදවුරුවල සිට නැවත පදිංචියට යන ජනතාවට හානි පූරණය කිරීමේ හා වන්දි ලබාදීමේ වැඩසටහනක් කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට සහ පළාත් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මේ වනවිට උතුරු පළාතේ කිළිනොච්චිය හා මුලතිව් යන දිස්ත්‍රික්ක දැඩි ගංවතුර තර්ජනයට මුහුණ පා ඇති අතර එහි ජනතාවට සහන සැලසීමේ කටයුතු අද (25) දිනයේ ද අඛණ්ඩ ව සිදු කෙරිණි.

ජනාධිපතිවරයා උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත්තේ කිළිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවල සියලූ ම රාජ්‍ය ආයතන සම්බන්ධීකරණයෙන් අවතැන් ජනතාවට අවශ්‍ය ආහාරපාන, වියළි සලාක, පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ආදිය සැලසීමේ කටයුතු ක්‍රියාත්මක කරන ලෙසයි.

මේ වනවිට කිළිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්ක දෙකෙහි පවුල් 18638කට අයත් පුද්ගලයින් 60669ක් අවතැන් ව ඇති අතර, ඔවුන් අවතැන් කදවුරු 37ක රදවා සිටියි. පූර්ණ නිවාස හානි 26 ක් සහ අර්ධ හානි 114 ක් එම ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.

එමෙන්ම නිවාස හානි සිදුවී නොමැති පුද්ගලයින් නැවත එම නිවාස වල පදිංචි කිරීමේ දී ආහාර සකසා ගැනීමට අවශ්‍ය උපකරණ ද අලාභ හානි වූ නිවාස නැවත අලූත්වැඩියා කර ගැනීමට ආධාර ලබාදීමේ මූලික පියවර වශයෙන් එක් පවුලකට රුපියල් දහ දහසක මුදලක් සහ අලාභය තක්සේරු කිරීමෙන් අනතුරුව රුපියල් දෙලක්ෂ පනස් දහසක් දක්වා උපරිමයකට යටත් ව මුදල් ලබාදීමට ද තීරණය වී තිබේ.

තවද ගංවතුරෙන් එම දිස්ත්‍රික්කවල අස්වැද්දූ කුඹුරු අක්කර 8000ක් පමණ සම්පූර්ණයෙන් ම ජලයෙන් යටවී ඇති අතර, එම කුඹුරු වෙනුවෙන් අක්කරයට රුපියල් 40000 බැගින් වන්දි ලබාදීමට තීරණය වී ඇත.

අපවිත්‍ර වී ඇති නිවාස, වෙළෙදසැල්, ජල ළිං සහ වැසිකිළි පිරිසිදු කිරීමට අවශ්‍ය වැඩසටහන් පළාතේ රාජ්‍ය ආයතන ඒකාබද්ධ කොට ගනිමින් ක්‍රියාවට නංවන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් තවදුරටත් ජනතාව මුදාගැනීමේ කටයුතු අඛණ්ඩ ව සිදුවෙමින් පවතින අතර ගර්භනී මව්වරුන් සහ රෝගීන් බෝට්ටු මගින් සුරක්ෂිතව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව සමත්වී ඇත.

Post Views: 9
Previous Post

ප්‍රවාහන ගාස්තු හෙට මධ්‍යම රාත්‍රියේ සිට පහළට…!

Next Post

අවුරුදු හතේ ඔස්ට්‍රේලියා නායකයා අද තරඟ බිමට 

editor

editor

Next Post

අවුරුදු හතේ ඔස්ට්‍රේලියා නායකයා අද තරඟ බිමට 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved