• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගස් කැපීම නැවත්විමට ජනපති ගැසට් නිවේදන නිකුත් කරන්න කියයි

7 June 2019
in දේශීය

පරිසරය රකින නීති සහ පරිසරය වෙනුවෙන් ගෙන ඇති ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ නිසි ලෙස ක්‍රියාවට නැංවීමට කැපවීම, රට ගොඩනැඟීමට සැබෑ වුවමනාවක් ඇති සහ රටේත් ජනතාවගේත් යහපත ප‍්‍රාර්ථනා කරන සියලු දේශපාලනඥයන්ගේ මෙන් ම නිලධාරින්ගේ වගකීම බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලවේ දී ඊයේ (06) පෙරවරුවේ පැවති ජගත් පරිසර දින සැමරුම් උත්සවය අමතමිනි.

ජූනි 05 වන දාට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමී ව ‘තිරසර වන කළමනාකරණය තුළින් වායු දූෂණය අවම කිරීම’ යන තේමාව යටතේ සැමරුම් උලෙළ සංවිධානය කර තිබිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට ලෝකය මුහුණ දී ඇති පාරිසරික අභියෝග හමුවේ පරිසරය රැක ගැනීමට සියලුදෙනාගේ කැපවීම අත්‍යවශ්‍ය බවයි.

පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් නීති රැසක් පරිසර අමාත්‍යවරයා ලෙස තමා හඳුන්වා දී තිබෙන අතර ඒවා ක්‍රියාවට නැංවීමේ ප‍්‍රගතිය පිළිබඳ සතුටට පත්විය නොහැකි බව පැවසු ජනාධිපතිවරයා පොලිතින් තහනම ඇතුළුව පරිසරය වෙනුවෙන් ගත් එම තීන්දු තීරණ වඩා ප‍්‍රායෝගිකව කි‍්‍රයාවට නැංවීමට කැපවීම රටේ මතු පරපුර වෙනුවෙන් සියලුදෙනා ඉටුකරන වගකීමක් බව ද කියා සිටියේය.

මේ අතර ගස් කපන යන්ත‍්‍ර හෙවත් චේන්ෂෝ මෙරටට ගෙන්වීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට තමා මේ වන විට උපදෙස් දී තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා වඩු මඩු අලුතින් ලියපාදිංචිය නතර කිරීමටත්, ලී මෝල් හිමියන් වෙනත් ව්‍යාපාර අංශ කෙරෙහි යොමු කීරමේ වැඩපිළිවෙළකට එළැඹීමටත් උපදෙස් දී තිබෙන බව ද කියා සිටියේය.

මෙරට වන ඝනත්වය ඉහළ නංවා ගනිමින් ජනතාවට ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට නම් එවන් වැඩපිළිවෙළක් අවම වශයෙන් වසර 10ක් ගතවන තුරුවත් රට තුළ ක්‍රියාවට නැංවිය යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන් ම ජගත් පරිසර දින සැමරුම් උත්සවයේ දී ජනාධිපතිවරයා සියලු පරිසර විද්‍යාඥයන්ට, ආචාර්ය මහාචාර්යවරුන්, ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් මෙන්ම රාජ්‍ය නිලධාරින්ට ආරාධනා කළේ පරිසර විෂය කෙරෙහි තම ලබා ඇති දැනුම, අත්දැකීම් මෙන්ම ජාත්‍යන්තර සමුළුවල දී ලබා ගන්නා දැනුම ප‍්‍රායෝගිකව රට වෙනුවෙන් භාවිතා කිරීමේ වගකීම මීට වඩා පුළුල් ලෙස ඉටුකිරීමට එක්වන ලෙසයි.

Post Views: 12
Previous Post

භාරකරුවන්ට බෑ පන්සල් එන එක නවත්වන්න – දඹර අමිල හිමි

Next Post

ආරක්ෂක මණ්ඩලයේ වැදගත්ම මාතෘකාව වුණේ මධුෂ් ගැනයි

editor

editor

Next Post

ආරක්ෂක මණ්ඩලයේ වැදගත්ම මාතෘකාව වුණේ මධුෂ් ගැනයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved