27 April 2024
#දේශීය

භාරකරුවන්ට බෑ පන්සල් එන එක නවත්වන්න – දඹර අමිල හිමි

අමාත්‍ය මංගල, අමාත්‍ය රාජිත වැනි අයට පන්සල් වලට ඒම තහනම් කරමින් පසුගියදා හිමිනමක් විසින් කල ප්‍රකාශයේ තරයේ හෙලා දකින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය පුජ්‍ය දඹර අමිල හිමියන් පැවසුහ.

උන්වහන්සේ  TTvnews.lk වෙබ් අඩවිය වෙත අදහස දක්වමින් කියා සිටියේ විහාරය සංඝ සතු වස්තුවක් වුවාට එහි සංඝයා වහන්සේ යනු භාරකරු පමණක් බවයි. සෑබෑ අයිතිකරුවන් වන්නේ මහජනතාව බවත් මහජනතාවගේ මුදල් වලින් විහාරස්ථාන ගොඩනගා ඇති බව උන්වහන්සේ කියා සිටියේය. ඒ අනුව භාරකරුවන්ට කිසිදු අයිතියක් නෑ විහාරස්ථානවලට නොඑන ලෙස දන්වන්න යැයි උන්වහන්නේ අවධාරණය කළේය.

පන්සල් වලට නොඑන ලෙස කියා සිටි පිරිස් කවුරුන්ද? ඔවුන්ට බාල ආපරාධ චෝදනා පවා ඇති පිරිස් බවට වාර්තා වන බව උන්වහන්සේ අනාවරණ කළේය.

බුදුන් වහන්සේ පවා එදා නොමඟ ගිය පිරිස් විහාරස්ථානයට ගෙන්වා හෝ ඔවුන් සමීපයට ගොස් නිවැරදි කිරීම් සිදු කර තිබෙන බව දඹර හිමියන් පැවසිය. එවැනි කාරණා අනුව මෙවැනි ප්‍රකාශ කිරීම් තුළින් සිදු කරන්නේ ඇතැම් පිරිස්ගේ දේශපාලන ඕනෑඑපාකම් සිදු කිරිමයි.

කෙසේ වෙතත් ඉදිරියේදී මහජනතාව දැනුවත් කිරීම් සිදු කරන බවත් මෙවැනි ප්‍රකාශ කරමින් රටේ ජනතාව නොමඟ යවන භික්ෂුන්ට දන් දීමෙන් පවා වැලකිය යුතු බව ද උන්වහන්සේ සඳහන් කළේය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහත්වරුන් මේ වන විට රටට විශාල සේවයක් සිදු කර ඇති බවත් ඇතැම් අවස්ථාවලදී විශාල ලෙස ගැරහුම්වලට ලක්වන අය බව ද දඹර හිමිවන් අනාවරණ කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *