• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගිනි පොලියට වැට බඳින නව ක්ෂුද්‍ර මූල්‍ය පනත සූදානම් – ඇමැති මංගල

14 February 2019
in සංවර්ධන

ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල 200% තරම් ඉහළ පොලී අනුපාත යටතේ ණය ලබා ගැනීම වෙනුවට සම්පූර්ණයෙන් ම හෝ කොටසක් රජය මගින් පොලී ගෙවනු ලබන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය හා එක්වන ලෙසත් උතුරේ ජනතාවට එය අතිශය වැදගත් වනු ඇති බවත් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා වන නව නීති රිතිවල අවශ්‍යතාව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ නව ක්ෂුද්‍ර මූල්‍ය පනත සකස් වෙමින් පවතින බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ නියගයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවල කාන්තාවන් 45000ක් විසින් ලබාගෙන තිබූ ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ ඊට අදාළ පොලී මුදල් කපා හැරීමට අදාළ සහතික පත්‍ර ප්‍රදාන ජාතික උත්සවය අද (14) යාපනය වීරසිංහම් ශාලාවට එක්වෙමින්. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවයේ දී යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල කාන්තාවන් 300කට අධික පිරිසකගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීම සංඛේතවත්ව සිදු කෙරිණි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් අධික පොලියට කාන්තාවන් ලබා ගත් ණය මුදල් කපා හැරීම මේ ගැටලුවට කෙටි කාලීන විසඳුමක් පමණි. දිගු කාලීන විසඳුමක් සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්ෂේත්‍රයට අදාළ නව නීති රීති හඳුන්වා දිය යුතු ය. එහි මුල්පියවර ලෙස රජය විසින් මෙම මූල්‍ය සමාගම්වල පොලිය 35%ක උපරිමයකට යටත් කොට තිබේ. ඉදිරි පියවරක් ලෙස නව ක්ෂුද්‍ර මූල්‍ය පනත් කෙටුම්පතක් සකස් කරමින් තිබේ.

ක්ෂුද්‍ර මූල්‍ය ණය යනු දුප්පත්කම පිටුදැකීම සඳහා ඵලදායි ක්‍රමවේදයකි. නමුත් එය නියාමනයකට ලක් විය යුතු ය. ඒ සඳහා නියාමනයන් සහ නීති හඳුන්වාදීමෙන් පසු යළිත් මෙම ණය චක්‍රය දක්නට නොලැබෙනු ඇති බව විශ්වාසයයි.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ සහන පොලී ණය යෝජන ක්‍රමය ද මීට සාර්ථක පිළිතුරකි. කුඩා කර්මාන්තකරුවන්ට, ගොවීන්ට, විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු සියලුම පාර්ශ්ව නියෝජනය වන පරිදි මෙම ණය ලබා දෙනු ලබයි. ණය ක්‍රම 20කට අධික සංඛ්‍යාවක් හඳුන්වා දී ඇත්තේ ඔබ වැනි ජනතාව වෙනුවෙන්මය. රුපියල් ලක්ෂ 3 සිට මිලියන 750 දක්වා විශාල පරාසයක මේ ණය ලබා දෙනු ලබයි. 0% සිට 7% පමණ දක්වා වන පරාසයන් යටතේ මේ ණය වෙනුවෙන් ඔබගෙන් පොලිය අය කරනු ලබයි. නමුත් ඔබ නොගෙවන පොලියේ ඉතිරි කොටස ඔබ වෙනුවෙන් රජය අදාළ බැංකුව වෙත ගෙවනු ලැබිය යුතු ය. කාන්තා ඔබ වෙනුවෙන් තවත් 10%ක අතිරේක පොලී සහනාධාර ලබා දීමට ද අප සූදානම්.

අපි ඔබට මේ ණය ලබා ගැනීම සඳහා විශේෂ පහසුකම් ලබා දෙන්නැයි අදාළ බැංකුවලට උපදෙස් ලබා දී ඇත. එහෙත් කිසියම් බැංකුවක් එසේ සහය ලබා නොදේ නම් 1925 අංකයෙන් අප අමතා ඒ බව දැනුම් දෙන ලෙස ද ඉල්ලා සිටින්නට කැමැති ය.

ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන පිළිබඳව ද මෙහි දී සිහිපත් කළ යුතු ය. ඔබගේ මැතිවරණ කොට්ඨාසය ඇතුළුව සියලුම මැතිවරණ කොට්ඨාස නියෝජනය වන පරිදි එක් මැතිවරණ කොට්ඨාසයක සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 300ක් වෙන්කර කර ඇත. යුධ සමයේ කැඩි බිඳී ගිය ආගමික ස්ථාන, පාසල් වැසිකිලි පද්ධති, ක්‍රිඩාපිටි ඇතුළු සියල්ල සංවර්ධනය කර ගැනීම සඳහා එමගින් මුදල් වෙන් කරනු ලබයි. මේ සියල්ල ඔබ රටේ සංවර්ධන ගමනට දායක කර ගැනීමේ අරමුණෙන් ක්‍රියාත්මක ය.

මෙම අවස්ථාවට රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, අකිල විරාජ් කාරියවසම්, රිසාද් බද්යුදීන්, විජයකලා මහේෂ්වරන්, එම්.ඒ. සුමන්දිරන්, මාවෙයි සේනාධිරාජා යන මැති ඇමැතිවරු සහ භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් ඒ. ආර්. දේශප්‍රිය, නියෝජ්‍ය ලේකම් ඒ.එම් පී.එම්. බී. අතපත්තු යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

 

Post Views: 15
Previous Post

ඒකාබද්ධයට ආණ්ඩුව පෙරළන්නේ පැණි කන්නයි – ඇමැතිනි තලතා කියයි

Next Post

යාපනය පලාලි ගුවන්තොටුපොළේ කටයුතු පමා නොකරන්න – අගමැති කියයි

editor

editor

Next Post

යාපනය පලාලි ගුවන්තොටුපොළේ කටයුතු පමා නොකරන්න - අගමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved