27 April 2024
#දේශීය

යාපනය පලාලි ගුවන්තොටුපොළේ කටයුතු පමා නොකරන්න – අගමැති කියයි

යාපනය පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය තවදුරටත් ප්‍ර‍මාද නොකර වහාම ක්‍රියාත්මක කරන්න ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍සිංහ මහතා පවසයි. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සියලු ආයතන එක්ව කටයුතු කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (14) පලාලි ගුවන්තොටුපොළ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි. එම අවස්ථාවට ප්‍ර‍වාහන සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ද එක් විය. ව්‍යාපෘති සංවර්ධනයට වැය කිරීමට අපේක්ෂා කරන මුදල රුපියල් බිලියන 20කි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *