• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගුවන් හමුදාව මව්බිම වෙනුවෙන් කල සේවය අනුපමේයයි – ජනපති කියයි

2 March 2019
in දේශීය

වසර 68ක කාල පරාසයක් මුළුල්ලේ මව්බිමේ ස්වෛරිත්වය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරනු වස් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ඉටු කළා වූ සේවය අනුපමේය බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (02) පෙරවරුවේ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවති ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වැනි සංවත්සර උත්සවය අමතමිනි.

මෙම වසරේ දී සුවිශේෂී ප‍්‍රදර්ශනයක් සහ සැණකෙළියක් ද සහිතව සැමරුම් උලෙළ පැවැත්වෙන අතර, ගුවන් හමුදා අංක 07 හෙලිකොප්ටර් බලඝනය සහ අංක 08 සැහැල්ලු ප‍්‍රවාහන බලඝනය ඔවුන් විසින් ජාතියට සිදුකළ විශිෂ්ට සේවාව අගයමින් ජනාධිපති වර්ණයෙන් පිදුම් ලැබීම ද සිදු විය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ වෘත්තීය නිපුනත්වය, තාක්ෂණික දැනුම, විනයගරුක බව, කැපවීම ආදී ගුණාංග හේතුකොටගෙන ලොව දියුණු ගුවන් හමුදාවන් සමග උරෙන් උර ගැටී කටයුතු කිරීමේ හැකියාව හා තාක්ෂණික දියුණුව අපගේ ගුවන් හමුදාව සතු බවයි. රට වෙනුවෙන් ජීවිත පුදකළ සහ ආබාධිත වූ රණ විරුවන්ටත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් සිය කෘතවේදීත්වය පළ කිරීමට ද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

අද පෙරවරුවේ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර වෙත ගිය ජනාධිපතිවරයා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් පිළිගනු ලැබීය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කෙරුණු Air Tattoo – 2019 ගුවන් හමුදා ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය ඉන් අනතුරුව ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි.

හෙට සිට 06 වනදා දක්වා හිඟුරක්ගොඩ ගුවන් හමුදා ක`දවුරු පරිශ‍්‍රයේ දී පැවැත්වෙන මෙම ප‍්‍රදර්ශනයේ දී ගුවන් හමුදාවේ කාර්යභාරය සහ ගුවන් හමුදාව සතු සම්පත් ප‍්‍රදර්ශනය කිරීම මෙන්ම මහජනතාව වෙනුවෙන් හදිසි ආපදා තත්ත්වයන්හි දී හා ස්වභාවික ව්‍යසනයන්හි දී ගුවන් හමුදාව කි‍්‍රයා කරන ආකාරය නිදර්ශනාත්මකව ඉදිරිපත් කිරීම සිදු කෙරේ. එමෙන්ම ගුවන්යානා සංදර්ශන හා ගුවන් කරනම්, පැරෂුට් සංදර්ශන, ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බළකාය විසින් ඉදිරිපත් කරනු ලබන ගොඩබිම් සටන් සංදර්ශන, ගුවන් සුනඛ සන්දර්ශන, තූර්ය වාදන හා සරඹ සන්දර්ශන සංස්කෘතික හා සංගීතමය වැඩසටහන් රැසකින් එය සමන්විතය. සෑම දිනකම ප.ව 2.00 ට ආරම්භ වන සැණකෙළිය මධ්‍යම රාති‍්‍රය දක්වා පැවැත්වෙයි. මෙය මහජනතාවට සම්පූර්ණයෙන් විවෘත අතර, ඇතුළුවීම සඳහා කිසිඳු ගාස්තුවක් අය නොකෙරේ.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව තම 68 වන අභිමානවත් සංවත්සරය අනුස්මරණය කරමින් සිය කුසලතාවයන් උතුරු මැද පළාතේ ජනතාව වෙත සමීප කරවන අවස්ථාවේ එය දැක බලා ගැනීමට පැමිණෙන ලෙස සියලු ජනතාව වෙත ආරාධනා කෙරෙයි.

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

Post Views: 6
Previous Post

ලාල් කාන්ත 14 දක්වා රිමාන්ඩ්

Next Post

මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන් උතුරේ පාසල් 5 වනදා වසාදමයි

editor

editor

Next Post

මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන් උතුරේ පාසල් 5 වනදා වසාදමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved