• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝඨාගේ දේශපාලන කඳවුරේ හැසිරීම ඉතා හිරිකිතයි – එජාප සභාපති කබීර් කියයි

4 November 2019
in දේශීය

ගෝඨාභය රාජපක‍ෂ නියෝජනය කරන දේශපාලන කඳවුරේ හැසිරීම ඉතා හිරිකිත බවත් ඔවුන්ගේ දේශපාලන ක්‍රමවේද පවා අප්‍රසන්න බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, අමාත්‍ය කබිර් හෂීම් මහතා පවසයි.

ඒ මහතා ඊයේ (03) මාවනැල්ලේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් කියා සිටියේ මුළු රටම අස්ථාවර කරමින් ජාතීන් අතර අසමගිය, වෛරය ඇති කරමින් ගෝඨාභය රාජපක්ෂයේ පිරිස් දේශපාලනය කරන බවයි. දේශපාලන බලලෝභීකම වෙනුවෙන් ජාතීන් බේදභින්න කරමින්, රට වුවත් පාවාදී බලය ලබාගැනීමට සූදානම් බව පැහැදිලිවම පෙනෙන බව හෙතෙම පැවසිය.

ඒ පිලිබඳ අමාත්‍ය කබීර් හෂීම් මහතා මෙසේ අදහස් පල කර සිටියේය ” පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ගෝඨාභය රාජපක‍ෂගෙන් විදේශීය මාධ්‍යවේදිනියක් යුධ සමයේ අතුරුදන් වූවන් ගැන ප්‍රශ්නයක් නැගුවා. ගෝඨාභය කිව්වා යුද්ධය මෙහෙයවූයේ ඔහු නොවන බව. එවිට මාධ්‍යවේදිනිය එහෙනම් ඔබේ සහෝදරයාද? කියා ඇහුවා. එවිට ඔහු කියනවා සහෝදරයාත් නොවන බව. යුද්ධය මෙහෙයවූයේ හමුදාපතිවරයා බව ඔහු පිළිගත්තා. අතුරුදහන් වූ අය ගැන නැවත අහනකොට ගෝඨාභය කියනවා බාරවූ අය නියමාකාරව පුනරුත්ථාපනය කළ බව. මේ අතරේ මහින්ද රාජපක‍ෂ වවුනියාවට ගිහින්, උතුරේ ද්‍රවිඩ ජනතාව ආමන්ත්‍රණය කරමින් අතුරුදන් වූ අය වෙනුවෙන් මේ රජයට තවම වන්දි ගෙවීමට බැරිවී තිඛෙන බව ප්‍රකාශ කරනවා. එතනදි මහින්ද රාජපක‍ෂ පිළිගන්නවා අතුරුදන් වූවන් සිටින බව. ගෝඨාභය රාජපක‍ෂ සතියකට කළින් කියනවා යුද්ධයේදී අතුරුදන් වූ අය නැහැ කියලා. මහින්ද රාජපක‍ෂ උතුරට ගිහිල්ලා කියනවා අතුරුදන් වූ අය ඉන්නවා, ඒ අයට මේ ආණ්ඩුව තවම වන්දි ගෙවලා නෑ කියලා. ඔහොම කියන ගමන් මහින්ද රාජපක‍ෂ නැගෙනහිරට ගිහිල්ලා මුස්ලිම් ජනතාව අමතලා සයින්දමරුදු වලට වෙනම මුස්ලිම් බල ප්‍රදේශයක් දෙනවා කියනවා. මේ අතරෙ එයාගෙ පුතා, නාමල් රාජපක‍ෂ යාපනයට ගිහිල්ලා කියනවා මේ ආණ්ඩුව මුස්ලිම් ගම්මාන සංවර්ධනය කරලා තියෙනවා. නමුත් දෙමළ ජනතාව ජීවත්වෙන ගම්මානවලට කිසිම වැඩක් කරලා නැහැ කියලා. මෙහෙම කියල දෙමළ හා මුස්ලිම් ජනතාව අතර අසමගිය, වෛරය ඇතිකරලා ඡන්ද ලබාගන්න හදනවා. දකුණේ ජනතාව අතරේ සිංහල හා මුස්ලිම් ජාතීන් කොටවන්න හදනවා. රටේ සියලූ ජනතාව බේදභින්න කරලා පටු දේශපාලන අරමුණු තුළින් කෙසේ හෝ බලය ලබාගන්න හදනවා. ජනතාව නොමග යවලා ජාතිවාදය, ආගම්වාදය, අසමගිය, වෛරය වපුරලා බලය ලබාගැනීමට කරන කූඨ වැඩ පිළිවෙල පරාජය කිරීමට සමස්ථ ජනතාව අත්වැල් බැඳ ගැනීමට කාලය දැන් උදාවී තිඛෙනවා.

 

දිලිනි සමන්මලි 

 

Post Views: 13
Previous Post

නව අධිකරණයක්… ! ශ්‍රීලනිප අය දැන් ප්‍රාණ ඇපයට හසු වෙලා – ඇමති පාඨලි

Next Post

වෙනසකට මුල පුරන්න මාලිමාවට ඡන්දය දෙන්න – ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර

editor

editor

Next Post

වෙනසකට මුල පුරන්න මාලිමාවට ඡන්දය දෙන්න - ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved