• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝඨා කිව්ව ගමන් ප්‍රබෝධයක් ඇති වුණා – ෂෙහාන් කියයි

15 August 2019
in දේශීය

පසුගිය එකොලොස් වනදා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමෙන් පස්සේ රටේ ප‍්‍රබෝධයක් ඇති වෙලා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (15) කොලඹ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්. එහිදී ෂෙහාන් මන්ත්‍රීවරයා කියා සිටියේ ආණ්ඩුවට එරෙහි ජනතාවගේ පීඩනය පිට කිරීමට ජනාධිපතිවරණයට දින නියම වෙනකන් බලා සිටින බවයි.

එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත‍්‍රීවරුන් පවා මේ සම්බන්ධයෙන් ප‍්‍රසාදය පල කරමින් තිබෙන බවත් රට වෙනුවෙන් හරි තීන්දුවක් ගත්තා කියන දේ ඔවුන් පවසන බව සේමසිංහ මන්ත්‍රීවරයා කියා සිටියේය.

රටේ ජාතික ආරක්ෂාව කියන තැනදී සරත් ෆොන්සේකා, මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන අය එක මතයක සිටින බව හෙතෙම පැවසිය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කළේය ” රජය මාධ්‍ය වලට දැඩි තර්ජනයක් මර්දනයක් එල්ල කර ගෙන යනවා. බදුල්ල වේදිකාවේ එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයෙක් ඉතා පැහැදිලිවම සෘජුව තර්ජනය කරනවා මාධ්‍ය ආයතන වලට. මාධ්‍යයේ වගකීම රජය කරන හොඳ වැඩ වගේම නරක වැඩත් ප‍්‍රචාරය කරන එක. දේශපාලනඥයෙක් හැටියට අපි දැනගන්න ඕන නිවැරදි දේ පමණක් කරන්න. අපි වැරදි දේ කළොත් මාධ්‍ය අනිවාර්යෙන් ඒ ප‍්‍රවෘත්තිය පළ කිරීමට මැලි වෙන්නේ නෑ. හැබැයි ආණ්ඩුව වැරදි කර කර මාධ්‍යයෙන් හොද ප‍්‍රචාරය විමක් බලාපොරොත්තු වෙනවා නම්, ඔවුන්ගේ වැරදි මාධ්‍ය මගින් ප‍්‍රචාරය නොකර ඉන්න කියනවා නම් ඒ දේ කිසිසේත්ම ඉටු වෙන්නේ නෑ. මේක ස්වාධීන මාධ්‍යයට ආණ්ඩුව විසින් කරපු බරපතළ තර්ජනයක්. අපේ රටේ මාධ්‍ය කිසිම දේශපාලනඥයෙකුට කඬේ යන්නෙ නෑ කියන විශ්වාසය අපිට තියෙනවා. සහ වගේම විවේචන දරාගැනීමේ හැකියාව ආණ්ඩු පක්ෂයට වගේම විපක්ෂයටත් තිබිය යුතුයි. එමනිසා අපි හෙළාදකිනවා එදා එජාප වේදිකාවේ ඒ ඇමැතිවරයා කරපු ප‍්‍රකාශය. ඒකෙන් අපිට තේරෙන්නේ සජිත් පේ‍්‍රමදාස ගේ පියා විසින් 88 89 කාලවල කරපු මාධ්‍ය මර්දනය ම නැවත කිරීම සඳහා පන්නරයක් ලබා ගෙන තියෙන බවයි. ආණ්ඩුව වැඩියෙන්ම මඩ ගහන්නේ අපේ කඳවුරට. අපි පාර්ලිමේන්තුවේ දිගින් දිගටම රජයෙන් ඉල්ලීමක් කළා ලසන්ත ලසන්ත වික‍්‍රමතුංගගේ අපරාධ නඩුුව විසඳල අපරාධකරුවන් හෙළි කරන්න කියලා. අපි දන්නවා අපිට විශ්වාසයි 2015 මැතිවරණ වේදිකාවේ ප‍්‍රධාන මාර්තෘකාව මේ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය. ඒ වගේම එක්නැලිගොඩ අතුරුදහන් වීම. ඒ වගේම තජුඞීන් ඝාතනය විම. මෙන්න මේ කාරණා තුන එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ යහපාලන ආණ්ඩුවේ මැතිවරණ වේදිකාවේ ප‍්‍රධාන මාතෘකා වුණා. අවුරුදු හතර හමාරක් ගිහිල්ලත් මේ ගැන සාධාරණ පරීක්ෂණයක් නොකර දිගටම ආණ්ඩුව මඩ ගහමින් දේශපාලන කටයුතු කරද්දී අපි අවුරුදු හතරහමාරක් තුළ ආණ්ඩුවෙන් ඉල්ලීම් කෙරුවා පරීක්ෂණ අවසන් කරල අපරාධකරුවන් හෙළි කරන්න කියලා. අහිංසා වික‍්‍රමතුංග රනිල් වික‍්‍රමසිංහ අගමැති තුමාට ඉල්ලීමක් ඉදිරිපත් කරලා ලිපියක් යොමු කරලා තියෙනවා. ඒ ලිපිය හරහා එතුමිය කියලා තියනවා අවුරුදු හතරහමාරක් ගිහිත් ලසන්ත වික‍්‍රමතුංග ඝාතකයන් එළි නොකිරීම හරහා ඔවුන්ට අසාධාරණයක් වුණා කියලා. ඒක ඇත්ත. අපිත් කිව්වේ මෙම කාරණාව සම්බන්ධව තමයි. අපි දන්නවා මේ ඝාතකයෝ අපේ කදවුරට සම්බන්ධය අය නෙමෙයි. මේ ඝාතකයා රජය නියෝජනය කරන අය කියන මතය මේ මුළු රටේම දැන් පැතිරිලා තියෙන්නේ. එක නිසා අපි නැවත නැවතත් කියනවා මේ ඝාතකයන් පිළිබඳව නිවැරදි පරීක්ෂණයක් කරලා රටට හෙළි කරන්න කියලා “යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 9
Previous Post

වසර 40 චීන ප‍්‍රතිසංස්කරණ පිළිබද ඡායාරූප ප‍්‍රදර්ශනය හා සම්මන්ත‍්‍රණය හෙට කොළඹදී

Next Post

මෛත්‍රි ජනාධිපතිවරණයෙන් දිනුවොත් 2020 තමයි නව ධුරය පටන් ගන්නේ

editor

editor

Next Post

මෛත්‍රි ජනාධිපතිවරණයෙන් දිනුවොත් 2020 තමයි නව ධුරය පටන් ගන්නේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved