• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපතිට ගැලවීමක් නැහැ – පාඨලී චම්පික රණවක

5 December 2018
in දේශීය

රටේ උද්ගතව පවතින අර්බුදය ජනාධිපතිවරයා විසින් වහාම විසඳීමට කටයුතු කළ යුතු බවත්, එසේ නොමැති වුවහොත් ස්වාධීන අධිකරණයෙන් හා ජනතා අධිකරණයෙන් ජනාධිපතිවරයාට කිසිදු ගැලවීමක් නොමැති බව පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මෙම අර්බුදය දිග්ගැස්සෙන සෑම දිනයක් පාසාම රුපියල් මිලියන දෙදහසකට අධික ප්‍රමාණයක්, එනම්, රටේ සෑම පුද්ගලයෙකුටම රුපියල් සියයක පමණ අමතර වැය බරක් මේ අර්බුදයේ නිර්මාපකයින් විසින් ලබා දී තිබෙන හෙයින් ව්‍යවස්ථාව සමඟ, නීතිය සමඟ සිදු කරන මේ සෙල්ලම වහාම නතර කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවද චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

පාඨලි චම්පික මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එම ප්‍රකාශය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

සැබෑ ලෙසම මෙම අර්බුදය නිර්මාණය කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය, එය ඔහු නිර්මාණය කළේ, පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරි කාලයේදීත් රටේ ජනාධිපති වීමේ අරමුණිනි. එමෙන්ම මෙම බල අර්බුදය නිර්මාණය කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ද දායක විය. ඒ ඉතාම ඉක්මනින් ඔහුගේ පවුලේ නඩුහබ ටික අවසන් කරගැනීම සඳහාත්, ඊළඟ මහාමැතිවරණයේදී බලතල සහිත අග්‍රාමාත්‍යවරයා වීමේ සිහිනයෙනුත්, 2025 දී තමන්ගේ පුත්‍ර රත්නයට රටේ ජනාධිපති ධුරය ලබාදීමේ අභිලාෂයෙනි. මෙය සම්පූර්ණයෙන්ම මේ දෙදෙනාගේ පුද්ගලික අභිලාෂය මත ඇතිකරන ලද පැහැදිළි ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී අර්බුදයකි. මේ තුළින් රටට බරපතල දේශපාලන ප්‍රතිවිපාක, ආර්ථික ප්‍රතිවිපාක, ජාත්‍යන්තර වශයෙන් කොන්වීම් වලට මුහුණ දීමට සිදුවන අතර දිනෙන් දින රට තුළ විශාල සමාජ අර්බුදයක් නිර්මාණය වෙමින් පවතී.

පසුගිය 14, 15, 16 දිනවල පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව සම්මත කරන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත්, රාජපක්ෂ කල්ලියත් ප්‍රකාශ කලේ සමාන මතයක්. ඒ තමයි එය නීති විරෝධී බව. එය ව්‍යවස්ථාවට එරෙහි බව, එය පාර්ලිමේන්තු ස්ථාවට නියෝගවලට පටහැනි බව. කෙසේ වෙතත් අභියාචනාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුවත් ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගයත් මගින් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීම හා මහින්ද රජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව සහතිකකොට තිබේ.

පසුගිය 30 වෙනිදා ජනාධිපතිවරයා, එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හමුවී ප්‍රකාශ කළේ, ව්‍යවස්ථාදායකයත් විධායකයත් අතර ඇතිව තිබෙන මේ ගැටළුව අභියාචනාධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හෝ වෙනත් අධිකරණයකට භාරදීම එතරම් සුදුසු නොවන බවත් මේ ප්‍රශ්නය ව්‍යවස්ථාදායකයත් විධායකයත් කතාකර විසඳා ගත යුතු බවයි. එමෙන්ම පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිව කිසිම අග්‍රාමාත්‍යවරයෙකුට පවතින්නට බැරි නිසා, ඒ බව දැන් පාර්ලිමේන්තුව බරපතල ලෙස ප්‍රශ්න කෙරෙමින් යන නිසා ඒ පිළිබඳව කිසියම් ආකාරයකට බහුතරය ලබාගත හැකි අග්‍රමාත්‍යවරයෙක් පත් කිරීමට තමා සූදානම් බවයි.

පසුගිය 14 වෙනිදා සිට මේ දක්වා හය වතාවක් 122/0 ක් 121/0 ක් 123/0 ක් විදියට මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ ආණ්ඩුවට විරුද්ධව විවිධ ආකාරයේ විශ්වාසභංග යෝජනා, මුදල් කප්පාදු යෝජනා සහ තවත් යෝජනා සම්මත වී හමාරයි. ඒ නිසා ජනාධිපතිවරයාට දැන් ඒ පිළිබඳව තීන්දුවක් ගැනීමට ඕනෑවටත් වඩා හැකියාව අවස්ථාව තිබේ.

රට තවත් අර්බුදයෙන් අර්බුදයට නොයවා මෙය විසඳීමට ඔවුන්ට කෙටි කාලයකින් හැකියාව ඇත. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමට නිකුත් කළ ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට හැකියාව පවතී. එවිට උසාවිය විසින් ප්‍රශ්නය සංකීර්ණ කිරීමේ ගැටළුවක් පැන නොනගින අතර පාර්ලිමේන්තුව අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකියාව ලැබේ.

තමන්ට බහුතරය නැත්නම් නිහතමානීව බල වේදිකාවෙන් බැසයාමට මහින්ද රාජපක්ෂටත් හැකිය. ඔහුට තිබෙන්නේ ඔහුගේ ඉල්ලා අස්වීම යැවීම පමණි. ආණ්ඩුව තමන්ට සුදුසු නැතිනම් කවුරුන් හෝ සමඟ එකතු වී විශ්වාසභංගයකින් ආණ්ඩුව පරාජය කිරීමට මහින්ද රාජපක්ෂට කටයුතු කළ හැකිය.

උසාවියේ තීරණය කවරක් වුවත් ඉන් අන්තයටම පරදින පුද්ගලයා වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. උසාවියේ තීන්දුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කළහොත් ව්‍යවස්ථාවට අනුකූලව චේතාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමේ වරදට, ඒ වගේම බලය අයුතු ලෙස පරිහරණය කිරීමේ වරදට මෛත්‍රීපාල සිරිසේන මහතා හසුවනු ඇත.

අභියාචනාධිකරණ නඩුවෙන් මහින්ද රාජපක්ෂ මහතා වරදකරුවෙක් වුවහොත් නුසුදුසු පදවියක් දරමින් රාජ්‍ය බලය අයුතු ලෙස පරිහරණය කිරීම යටතේ ඇප ලැබිය නොහැකි වරදකට ඔහුටත් නීතිය ඉදිරියේ දඬුවම් විඳීමට සිදුවෙයි. ප්‍රජාතන්ත්‍රවාදයට, අධිකරණ තීන්දුවට ඒ වගේම පාර්ලිමේන්තුවේ බහුතර මතයට හිස නමා ප්‍රැන්සිස්කුකරණයේ පාඩම් අරගෙන වහාම කරලියෙන් බැසයන ලෙස මහින්ද රාජපක්ෂ මහතාට අප නැවත වාරයක් සිහිපත් කර සිටිමු.

මේ රට වැටී තිබෙන අර්බුදයෙන් ගලවා ගැනීමට ජනතා අධිකරණය හා මේ රටේ නිදහස් අධිකරණය සූදානම් බව සිහිපත් කර සිටිමු.

 

 

Post Views: 7
Previous Post

මෛත්‍රි පරාජය භාර ගන්න …. විජිත කියයි

Next Post

පක්ෂයේ නැති ප‍්‍රජාතන්ත‍්‍රවාදය රට තුළ ඇති කරන්න රනිල්ට බෑ – ජනපති කියයි

editor

editor

Next Post

පක්ෂයේ නැති ප‍්‍රජාතන්ත‍්‍රවාදය රට තුළ ඇති කරන්න රනිල්ට බෑ - ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved