• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති අපේක්ෂකත්වය වෙනත් පක්ෂයේ කෙනෙකුට දෙන්න අපි ලැස්ති නෑ  

25 July 2019
in දේශීය

ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ගැටළුවක් පවතින නමුත් වෙනත් පක්ෂයකට ජනාධිපති අපේක්ෂක ධූරය පිරිනැමීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිසේත්ම සූදානම් නොවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලූම් අමුණුගම මහතා පවසයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ පිළිගත් දේශපාලන පක්ෂ රැසක නව සන්ධානය පිහිටුවී හෙට පෙරවරුවේ සුබ මොහොතින් සිදු කිරීමට නියමිතයි. ජනාධිපතිවරණය සහ ඉදිරි මැතිවරණ ජයග‍්‍රහණය කිරීම ඉලක්ක කොට ගත් නව දේශපාලන සන්ධානය බිහිකිරීමේ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම හෙට පෙරවරු නවයට  මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේදී පැවැත්වීමට සියලූ කටයුතු මේ වන විට සූදානම් කොට තිබේ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව සිටින ඒකාබද්ධ විපක්ෂයේ සියලූ දේශපාලන පක්ෂ වලට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පිළිගත් දේශපාලන පක්ෂ දහයක් මෙහි දී සන්ධානගත වන බව අද (25) පෙරවරුවේ කොළඹ පොදු ජන පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලූම් අමුණුගම මහතා පවසයි.

මව්බිම ජනතා පක්ෂය, ලංකා කම්කරු එක්සත් පෙරමුණ, තමිල එක්සත් නිදහස් පෙරමුණ, ඊලවර් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ, මුස්ලිම් උලමා පක්ෂය, ලිබරල් පක්ෂය, නව සිහල උරුමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරය, එක්සත් ලංකා මහා සභාව, භූමිපුත‍්‍ර පක්ෂය යන දේශපාලන පක්ෂ හෙට දිනයේ අවබෝධතා ගිවිසුමට එක්වීමට නියමිතය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහිදී සන්ධානය සමග එක් වෙන්නේදැයි මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කරුණු දැක්වූ දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ තවමත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නව සන්ධානයට එක්වීම සඳහා එකඟතාවයකට පැමිණ නොමැති බවයි.

පක්ෂ දෙක අතර සන්ධාන ගත වීමකට හෝ ඉදිරි මහ මැතිවරණයකින් ජයග‍්‍රහණය කොට එක් ව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් හෝ කිසිදු මත ගැටුමක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර නොමැති බව ඔහු කියා සිටියේය.

ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ගැටළුවක් පවතින නමුත් වෙනත් පක්ෂයකට ජනාධිපති අපේක්ෂක ධූරය පිරිනැමීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිසේත්ම සූදානම් නොවන බවත් මන්ත‍්‍රීවරයා අවධාරණය කළේ ය.

එම ගැටලූව නිරාකරණය වුවහොත් ඉදිරියේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නව සන්ධානය හා එක්වනු ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් විශ්වාසය පළ කළේ ය.

Post Views: 6
Previous Post

කෘෂිකර්මාන්තයක් බවට පත්විය යුතු කාලය එළැඹි ඇති බව කථානායක කරු කියයි (ඡායාරුප)

Next Post

ඉරානයට තේ අපනයනය කිරීමේ නව ක්‍රියාවලිය පිළිබද සාකච්ඡාවක්

editor

editor

Next Post

ඉරානයට තේ අපනයනය කිරීමේ නව ක්‍රියාවලිය පිළිබද සාකච්ඡාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved