• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති කාම්බෝජියාවේ නිල සංචාරයකට එක්වෙයි

7 August 2019
in දේශීය

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර පවතින දිගුකාලීන සබඳතා නව ක්ෂේත්‍රයන් කරා ව්‍යාප්ත කරමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කාම්බෝජියාවේ රාජ්‍ය සංචාරයකට අද (07) එක් වුයේ කාම්බෝජ රජයේ විශේෂ නිල ආරාධනය ක් පරිදි ය.

අද පෙරවරුවේ Phnom Penh ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වූ ජනාධිපතිවරයා කාම්බෝජියා නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය මාළිගාවේ අමාත්‍ය Samdech Chaufea Veang Kong Som Ol මහතා ඇතුළු එරට රජයේ ඉහළ මට්ටමේ නියෝජිත පිරිසක් විසින් මහත් හරසරින් පිළිගන්නා ලදී.

සිය සංචාරය තුළදී ජනාධිපතිවරයා කාම්බෝජියා රජු වන Norodom Sihamoni මැතිතුමා හමුවීමට නියමිත අතර කාම්බෝජියා අග්‍රාමාත්‍ය Hun Sen මහතා ඇතුළු එරට රජයේ ඉහළ නියෝජිත පිරිසක් සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ජා පැවැත්වීමට නියමිත ය.

දෙරට අතර ආර්ථික, වෙළඳ, සංචාරක මෙන්ම බෞද්ධාගමික සබඳතා පුළුල් කරගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමුවනු ඇති අතර ඒවාට අදාළ නව ගිවිසුම් කිහිපයකටද එළඹීමට නියමිත ය.

මේ අතර ජනාධිපතිවරයා අද පස්වරුවේ ශ්‍රී ලංකා කාම්බෝජියා ව්‍යාපාරික සමුළුවේ සමාරම්භක සැසිය සඳහා ද එක්වීය. මෙම අවස්ථාව සඳහා කාම්බෝජියානු අග‍්‍රාමාත්‍ය Samdech Akka Moha Sena Pakdei Techo HUN SEN මහතා ද එක්ව සිටියේය.

ශ‍්‍රී ලංකාව සහ කාම්බෝජය අතර වෙළෙඳ සබඳතා වඩාත් ශක්තිමත් කරගැනීමට එහිදී පුළුල් අවධානයක් යොමු වූ අතර දියුණු වෙමින් පවතින රටවල් ලෙස ආර්ථික සහ වෙළෙඳ කටයුතු වල දී එක්ව කටයුතු කිරීමටත්, ඇගළුම්, මැණික් කර්මාන්ත වැනි ක්ෂේත‍්‍ර රැසක් ඔස්සේ දෙරට අතර පවතින සබඳතා ඉහළ නංවා ගැනීම පිළිබඳවත් වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

මෙම සමුළුව අමතා කාම්බෝජ අග‍්‍රාමාත්‍යවරයා විශේෂ දේශනයක් සිදුකළ අතර ශ‍්‍රී ලංකාව වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා එම සමුළුව අමතනු ලැබීය.

කාම්බෝජයේ වාණිජ මණ්ඩල සභාපති Neak Okhna Kith Meng ඵැබට මහතා සහ ශ‍්‍රී ලංකා කොළඹ වානිජ මණ්ඩලයේ සභාපති සාරංග විජේරත්න මහතා ඇතුළු දෙරටේ ව්‍යාපාරිකයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 10
Previous Post

පොහොට්ටුවේ වැඩේට අපි නෑ – දුමින්ද කියයි  

Next Post

ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙක් නිදොස් කොට නිදහස්

editor

editor

Next Post

ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙක් නිදොස් කොට නිදහස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved