• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපතිවරණය කල් දමන පෙත්සම සලකා බැලීම අද

15 July 2024
in දේශීය
ජනාධිපතිවරණය කල් දමන පෙත්සම සලකා බැලීම අද

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නීතිඥ අරුණ ලක්සිරි ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(15) සලකා බැලීමට නියමිතව තිබේ. .

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය , අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ය.

නීතිඥ අරුණ ලක්සිරි ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ, 19 වන ව්‍යවස්ථා සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති බවයි.

එම සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීන්දුවක් ලබා දී තිබුණ ද එය ජනමත විචාරණයකින් තවමත් අනුමත වී නොමැති බව පෙත්සමෙන් පෙන්වාදී තිබේ.

පෙත්සම්කරු ඉල්ලා සිටින්නේ ජනමත විචාරණයකින් සම්මත කර ගන්නා තෙක් ජනාධිපතිවරණයක් පැවත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.

මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ය.

ජනමත විචාරණයකින් අනුමතවීමෙන් පසුව ජනාධිපතිවරයා අත්සන් තබා නොමැති නිසා නීතියක් වශයෙන් සැලකිය නොහැකි බැවින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය නීතියක් බවට පිළිගෙන කටයුතු කිරීම නීත්‍යානූකූල නොවන බව ද පෙත්සමේ දැක්වෙයි.

Post Views: 18
Previous Post

දුවන්න කලින් සහතිකය ගන්න

Next Post

හැම සටනම ජයග්‍රහණයෙන් අවසන් වෙන්නෙ නෑ

Editor TTV News

Editor TTV News

Next Post
හැම සටනම ජයග්‍රහණයෙන් අවසන් වෙන්නෙ නෑ

හැම සටනම ජයග්‍රහණයෙන් අවසන් වෙන්නෙ නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved