• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජවිපෙ ආදායම් මාර්ගයක් ගැන – ජානිපෙ හෙලි කරයි

7 January 2019
in දේශීය

පළාත් පාලන මැතිවරණය වසර දෙකහමාරකින් කල් දැමීමටත් පළාත් සභා මැතිවරණය අද වන තෙක් කල් දැමීමටත් මැතිවරණවලට බිය රනිල් වික‍්‍රමසිංහට උදව් කළ ජවිපෙය, අද 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් ජනාධිපතිවරණය අහෝසි කරවීමට උත්සාහ ගන්නේ ද ඔහුගේ දේශපාලන ප‍්‍රාණය රැක දීමට බවත් එවැනි කටයුතු අද ජවිපෙ ප‍්‍රධාන ආදායම් මාර්ගය වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (06) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුසම්මිල් මහතා කියා සිටියේ ” වසර තුනහමාරක් තිස්සේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්කර ගෙන, මේ ආණ්ඩුව හොර රහසේ කෙටුම්පත් කළ නව ව්‍යවස්ථාවක් තිබෙනවා. ඒ ක‍්‍රියාදාමයට ජනාධිපතිවරයාට කිසිදු ලෙසකින් සහභාගී වීමට මේ පිරිස ඉඩ තැබුවේ නැහැ. ඒ කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළහොත් ජනාධිපතිවරයාට ඊට එරෙහි විය හැකියි. නමුත් ඒකත් සිදු නොකර කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමේ ඉඩක් තිබෙනවා. මේ බෙදුම්වාදී ව්‍යවස්ථාව හැදීමට එජාපය, දෙමළ ජාතික සන්ධානය වගේම ජවිපෙත් එක්ව කටයුතු කළා. නමුත් මේ අවස්ථාවේදී ජවිපෙ නායක අනුර දිසානායක ‘නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ. 20 ගෙන ඒම ප‍්‍රමාණවත්’ යැයි කියමින් බොරු මාධ්‍ය සංදර්ශනයක් පවත්වනවා. ජවිපෙ සිය ඉතිහාසය පුරා ජනතාවගේ ඡන්ද අයිතිය රැක දීමට කටයුතු කළ පක්‍ෂයක්. නමුත් වත්මන් ජවිපෙය මේ රනිල්ගේ ආණ්ඩුවට මැතිවරණ කල් දැමීමට ඉඩ හදා දීම තම රැකියාව බවට පත්කර ගෙන තිබෙනවා. පළාත් පාලන ඡුන්දය කල් දැමීමට, පළාත් සභා ඡුන්ද කල් දැමීමට ජවිපෙ රනිල්ගේ ආණ්ඩුවට උදව් කළා. පාර්ලිමේන්තුවේදී ඊට අදාළ පනත් කෙටුම්පත්වලට පක්‍ෂව ඡන්දය දුන්නා. දැන් 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් ජනාධිපතිවරණය අහෝසි කරවීමට හදනවා. ඒ වගේම සීමානිර්ණයන්ට අදාළ සංශෝධන ගෙනවිත් පාර්ලිමේන්තු මැතිවරණයත් කල් දැමීමට උදව් දේවි. ජනතාව ඉදිරියට යන්න බැරි එජාපය සහ ජවිපෙ මැතිවරණ කල් දමා තම දේශපාලන ප‍්‍රාණය රැුක ගැනීමයි අද සිදු වන්නේ. ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන්’ රනිල් වික‍්‍රමසිංහ අගමැතිකම අරන් දැන් රට ස්ථාවර කරලා ද? දැන් රට ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන් අස්ථාවර වෙමින් යනවා. ඩොලරය රුපියල් 200ට යමින් තිබෙනවා. 2009 අපේ‍්‍රල් 09 තිබූ තැනට කොටස් වෙළඳපොළේ පිරිවැටුම කඩා වැටුණා. රට යුද බියෙන් ඇලලී තිබූ අවස්ථාවටත් වඩා අද කොටස් වෙළඳපොළ බිඳ වැටෙමින් තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය රජ කරවන්න ආපු හරින්ලා අද මනූෂ නානායක්කාරලාට බලෙන් නියෝජ්‍ය ඇමතිකම් දෙනවා. මේක ද ඔහෙලා කියපු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ? අපි මේ තක්කඩි රැලට කියනවා ‘රට තවදුරටත් අස්ථාවර නොකර වහාම මහා මැතිවරණයට ඉඩ සලසා දෙන්න’ කියා. යැයි මුසාම්මිල් මහතා වැඩිදුරටත් පැවසිය.

Post Views: 8
Previous Post

දේශපාලනය පසෙකලා ලංගම රැක ගන්න – ඇමැති අශෝක සියළු සේවකයින්ට කියයි

Next Post

සේනා මර්දනයට සහනාධාරයක්

editor

editor

Next Post

සේනා මර්දනයට සහනාධාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved