• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාත්‍යන්තර ගිවිසුම් පිලිබඳ බිල්ලෝ මවන විපක්ෂයට ඇමැති මංගලගෙන් උත්තරයක් !

28 June 2019
in දේශීය

අපේක්ෂාභංගත්වයට පත් දේශපාලන අවතාර විසින් රට තුළ ව්‍යාජ අමෙරිකානු භීතිකාවක් මවාපාමින් සිටින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මෙම පිරිස අතර විදේශ රටවල පුරවැසිභාවය හිමි දේශපාලනඥයන්ද සිටින බව හෙතෙම අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (27) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහි දී අමාත්‍යවරයා මෙසේ පැවැසිය ‘‘වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් ලබා ගත් ජයග්‍රහණ පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන දේශපාලන අවතාර ඉන්නවා. බොරු තොරතුරු මත පදනම් වී අමෙරිකානු භීතිකාවත් රට තුළ නිර්මාණය කිරීම ඔවුන්ගේ අරමුණයි. විශේෂයෙන් ම ඔවුන් මේ භීතිකාව පතුරවන්නෙ ප්‍රධාන ගිවිසුම් තුනක් පදනම් කරගෙනයි. ශ්‍රී ලංකාවත් අමෙරිකා එක්සත් ජනපදයත් අතර ඇති කරගෙන ඇති හමුදාමය සම්බන්ධතා ගිවිසුම (ACSA), සහශ්‍ර අභියෝග සහයෝගීතාව (MCC), එහෙම නැත්තං (SOFA) යන ගිවිසුම් සම්බන්ධයෙන් ඔවුන් අන්තවාදී මතයක් පතුරවමින් සිටිනවා. විශේෂයෙන් ම කියන්නෙ ඕනෙ මේක පිටිපස්සේ ඉන්නෙ විමල් වීරවංශ වගේ නූගත් දේශපාලඥයන් කිහිප දෙනෙක්. සමහර අයගෙ පුරවැසිභාවය තියෙන්නෙ ඔස්ට්‍රෙලියාවේ, ස්වීට්සර්ලන්තෙ, එහෙමත් නැත්තං අමෙරිකාවෙ. මමත් අවුරුදු 10ක් විතර විදේශගත වෙලා හිටපු කෙනෙක්. අපටත් ඕනෙ නං තිබුණෙ ඒ රටවල පුරවැසිභාවය ගන්න. එහෙම රට පාවල දුන්නෙ නැති අපට තමයි, මේ ලංකාව දාල ගිය අය අද දේශප්‍රේමී වෙලා කෑ ගහන්නෙ. මෙහි නායකත්වය ගෙන වැඩ කරන්නෙ විමල් වීරවංශ. දකුණට අන්තවාදය හඳුන්වල දීපු පිරිස. මේ අයට ජාත්‍යන්තර සබඳතා පිළිබඳව තේරුම් ගන්න බැරි නිසා ද මන් ද මේවායේ පිටු ගාන දිහා බලල ඒව භයානකයි කියල කියනවා. මේ (ACSA) ගිවිසුම 2007 දී ගෝඨාභය රාජපක්ෂ අත්සන් කරපු නිසා පිටු දහය නම් භයානක කම අඩුයි ලු. පිටු ගාන වැඩි නම් භයානකයිලු. විමල් වීරවංශගේ පුංචි මොලේට තේරෙන්නෙ නෑ මේ ගිවිසුමේ ඇමුණුම්වල විස්තරයි සම්බන්ධීකරණය කරපු අයගෙ විස්තරයි මේ තියෙන්නෙ කියලා. එයාලගෙ අරමුණ තමයි අපි අමාරුවෙන් ගොඩනගාගත්ත ප්‍රතිරූපය බිඳල දාන එක. ආර්ථිකය පැත්තෙන් ගත්තොත් අපේ ලොකුම අපනයන ගැනුම්කරුව අමෙරිකාව. 2018 තුළ ඇ.ඩො. මිලියන 11,660ක් වුණ අපේ අපනයනවලින් ඇ.ඩො. මිලියන 3,000කට වැඩියෙන් අපනයනය කරල තියෙන්නෙ අමෙරිකාවට. එයිනුත් විශාල ම ප්‍රමාණය ඇගලුම්. ජාත්‍යන්තර තලයේ දී විවිධ කාලවල දී අමෙරිකාව අපට විශාල වශයෙන් උදවු කරල තියෙනවා. එල්.ටී.ටී.ඊ සංවිධානය මුලින්ම ජාත්‍යන්තර රටක් තහනම් කළා නම් ඒ අමෙරිකාව. ඒ 1997 දී. විදේශ අමාත්‍යවරයා විදියට 2006 දී මට පවරපු ලොකුම වගකීම තමයි සහශ්‍ර පහසුකම් අභියෝග සහයෝගීතාව හෙවත් මිලේනියම් චැලන්ජ් කෝපරේෂන් (MCC) ගැන කතා කිරීම. රාජපක්ෂ හවුලේ අජිත් නිවාඩ් කබ්රාල් එහි සාකච්ඡාවල ප්‍රධාන සම්බන්ධීකාරක විදියට පත් කළා. නමුත් රාජපක්ෂ රජයෙන් දිගින් දිගටම වුණ මානව හිමිකම් කඩකිරීම්, අතුරුදහන් කිරීම් නිසා 2015 වෙනකම් අපට කිසිම විදියකට විදේශ ආධාර වැඩසටහනකට යන්න බැරි වුණා. ඒ විතරක් නෙවෙයි ජී.එස්.පී. ප්ලස් එකත් ඔය අන්තවාදියො නැති කළා.

මම මේ ඔවුන් විරුද්ධ ගිවිසුම් ගැන වචනයක් කියන්නම්.

ACSA ගිවිසුමට අපි අත්සන් කළේ 2007 දි. ලෝකෙ රටවල් 94ක් ඊට අත්සන් කරල තියෙනවා. ඉන්දියාව, මලයාසියාව, තායිලන්තය, පිලිපීනය, ඇෆ්ඝනිස්ථානය, කොරියාව වගේ රටවල්. ඉන්දියාවේ මෝදි අගමැතිතුමා රටට හානිකර ගිවිසුමක් පවත්වන්න කවදාවත් උදවු කරයි ද? මේ ගිවිසුම් අත්සන් කළා කියල හැම රටකම අමෙරිකන් කඳවුරු දාන්න බෑ. එහෙම දේකට අපි අත්සන් කරල නෑ.

MCC නැත්තං සහශ්‍ර සහයෝගීතා වැඩසටහන යටතේ මේ වෙද්දි ඇ.ඩො මිලියන 480ක් අනුමත වෙලා තියෙනවා. ඒක අමෙරිකානු ප්‍රදානයක්. රාජපක්ෂ කාලෙ වගේ ගිනි පොලියට ණයට අරන් සුදු අලි සංවර්ධනේ වගේ මහා නාස්තියක් නෙවෙයි. ඉන් මිලියන 160ක් ප්‍රවාහන අංශයේ සංවර්ධනයට, තවත් 50ක් බස් නවීකරණයට, තවත් මිලියන 140ක් කෘෂි නිෂ්පාදන ප්‍රවාහන මාර්ග දියුණු කිරීමට.

SOFA ගිවිසුමට අපි අත්සන් කළේ 1995 දී. රටවල් 100 විතර මේ ගිවිසුම් අත්සන් කරල තියෙනවා. මේක පරිපාලනමය එකගතාවක්. එහෙම නැතුව හිතුණ ගමන් හමුදාවට එන්න බැහැ.

මේ ගිවිසුම් ගැන කෑ ගහන රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු කල්ලියට තිබුනෙ ඕනෙ නං මේව අහෝසි කරල දාන්න. එහෙම කරේ නෑ. 2007 දී ආයෙත් ACSA ගිවිසුම අත්සන් කළා.

භාෂාව දන්න ඕනෑම කෙනෙකුට මේ ගිවිසුම් කියවලා තේරුම් ගන්න පුළුවන්. එහෙම නැතුව බොරු කුමන්ත්‍රණ බිල්ලෝ මවලා ජනතාව මුලා කරන අයට කියන්න තියෙන්නේ පුංචි ළිඳේ මහ ගෙම්බා වෙලා ඉන්න ඒ ප්‍රකාශ ප්‍රමාණවත්. උඹ නං මරු කියල කියයි ළිඳේ ඉන්න අනිත් ගෙම්බො. මේ ගෙඹි න්‍යායන් හරි යන්නෙ නෑ” යැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

වීඩියෝ: https://youtu.be/7JOsfzG2q64

 

Post Views: 5
Previous Post

යෝධ පියවර ගැන අගමැති කියයි

Next Post

හරවා යැවු රිෂාඩ් අද පලමු සාක්ෂිකරු වශයෙන් කැඳවයි

editor

editor

Next Post

හරවා යැවු රිෂාඩ් අද පලමු සාක්ෂිකරු වශයෙන් කැඳවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved