• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජුලි පලමු වෙනිදා එජාපයේ පිබිදීමක් – ඇමැති රවි කියයි

29 June 2019
in දේශීය

ජූලි මාසේ 01 දා සිට එක්සත් ජාතික පක්ෂය යළි පිබිදිමක් තුළින් ගමන් ආරම්භ කරන බවත් බාහිර පාර්ශවයන් පතුරුවන කතාවල සත්‍යතාවක් නොමැති බවත් එ.ජා.ප. ජනාධිපති අපේක්ෂකයා පිළිබද තවමත් දැනුවත් වී ඇත්තේ පක්ෂ අභ්‍යන්තරය පමණක් බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

 අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා වව්නියාව ග්‍රිඩ් විදුලි උපපොළ වර්තමාන තත්ත්වය පරීක්ෂා කිරීම සදහා පැවති නිරීක්ෂණ චාරිකාවක් අවසානයේ මාධ්‍යයට අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා, “ලංවිම රැකියාවන්හි සේවක ස්ථාපිත කිරිමේදී යම් යම් විෂමතාවන් සිදුවෙලා තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රදේශයන්ට අදාළවන පරිදි සේවක පිරිස් යොදවලා නැහැ. මෙම තත්ත්වය මත උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි භාෂාව පිළිබදව ප්‍රශ්නයක් පවතිනවා. ඒ හේතුවෙන් විදුලි පාරිභෝගික සේවය සැපයීමට යාමේදී භාෂාව භාවිතය මතින් ගැටළුකාරි තත්ත්වයන් උද්ගත වෙනවා. අපි හැකි ඉක්මණින් මේ විෂමතාවන් ඉවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. වව්නියාව ග්‍රිඩ් විදුලි උපපො‍ළ තුළීන් පාරිභෝගිකයාට සිදුවන සේවය බලන්නයි අද අපි ආවේ. යාපනය‍, මන්නාරම, වව්නියාව ආදි වශයෙන්වන පුළුල් ප්‍රදේශයක් මේ තුළින් ආවරණය වෙනවා. ඒ තුළින් මෙම ප්‍රදේශයන්වල විදුලි පාරිභෝගිකයන්ට සැපයෙන්නේ සුවිශාල සේවයක්. එ.ජා.ප. පක්ෂ අභ්‍යන්තරය මේ වනවිට ජනාධිපති අපේක්ෂයා පිළිබදව දැනුවත්වී සිටිනවා. නමුත් බාහිර පුද්ගලයින් පතුරවන කතාවල කිසිදු සත්‍යතාවක් නැහැ. පක්ෂයක් වශයෙන් තවත් මාස 02ක් 03ක් ඇතුළත ජනාධිපති අපේක්ෂකයා පිළිබදව ජනතාවට හෙළි කරනවා. දේශපාලන පක්ෂයක් නිරන්තරයෙන් ක්‍රියාකාරී වියයුතුයි. ජූලි මාසේ 01 දා සිට පක්ෂයක් හැටියට කරගෙන ආ වැඩපිළිවෙල, පාක්ෂිකයන් නැවත අවදිකිරීමක් තුළින් ඉදිරියට ගෙනයාම ආරම්භ කරනවා ” අමාත්‍ය රවි කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.

 

Post Views: 6
Previous Post

පුරා වස්තු සෙවීමේ අරමුණින් කැණිම් කල පුද්ගලයින් 4 අත්අඩංගුවට

Next Post

අනුරාධපුරය සංවර්ධනය කටයුතු කඩිනමින් – ඇමති චම්පික

editor

editor

Next Post

අනුරාධපුරය සංවර්ධනය කටයුතු කඩිනමින් - ඇමති චම්පික

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved