• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ණය යෝජනා ක්‍රමයක් පෙන්වා විදෙස්ගත ශ්‍රමිකයන් වෙතින් මුදල් වංචා කළ කල්ලිය කොටු

27 July 2020
in දේශීය

අත්තර් ජාලය හරහා  ණය යෝජනා ක්‍රමයක් මගින් විදෙස්ගත ශ්‍රමිකයින් හට සහනදායි පොලී අනුපාතයක් යටතේ ණය ලබා දෙන බව පවසා වංචාසහගතව මුදල් ලබා ගත් සැකකරුන් 05දෙනෙක් කිරුළපන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (26) පිටබැද්දර, නාරාහේන්පිට හා වැල්ලම්පිටිය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (27) අලුත් කඩේ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ණය යෝජනා ක්‍රමයක් සම්බන්ධයෙන් විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දුරකතන අංක වලට දැනුම් දී එම ශ්‍රමිකයින්ගේ මෙරට පවතින බැංකු ගිණුම්වල තොරතුරු ලබාගෙන එහි එක් ගිණුමකින් රුපියල් ලක්ෂ 05ක මුදලක් වංචා සහගතව ලබාගෙන ඇත.

තමාගේ බැංකු ගිණුමකින් මුදල් වංචාවක් සිදුකර ඇති බවට කාන්තාවක් විසින් කිරුළපන පොලීසියට සිදුකර ඇති පැමිණිල්ලකට අදාළව සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් 05දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් කූඨ ලේඛණ හා ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කර ඇති බවද වැඩිදුර විමර්ශනයේ දී අනාවරණය වී ඇත.

සැකකරුවන් වයස අවුරුදු 30, 39, 38, 46 වයස් වල පසුවන පිටබැද්දර, නාරාහේන්පිට හා වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඔවුන්  සන්තකයේ තිබි ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කිරීම සඳහා යොදාගත් ලැප්ටොප් පරිඝණකයක්, බැංකු කාඩ්පත්, රියදුරු බලපත්‍ර මුද්‍රණයට යොදා ගන්නා ලැමිනෙටින් යන්ත්‍රයක්, රියදුරු බලපත්‍ර මුද්‍රණයට යොදාගන්නා කාඩ්පත් 925ක්, ව්‍යාජ රබර් මුද්‍රා 02ක්, ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර 61ක් සහ ජාත්‍යාන්තර රියදුරු බලපත්‍ර 05ක් පොලිස් භාරයට ගෙන ඇත.

තවද, ඉහත සැකකරු විසින්ම මෙම ජාවාරම සඳහා යොදාගත් කාර් රථයක් හා වෑන් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.‍

Post Views: 7
Previous Post

විදුලිය නොමැති පවුල්වලට මහමැතිවරණයෙන් පසු නොමිලේ සුර්ය බල විදුලි කට්ටල ලබා දෙනවා – ඇමැති අමරවීර

Next Post

රිෂාඩ් සහ රවී CID යති

editor

editor

Next Post

රිෂාඩ් සහ රවී CID යති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved