• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තමා බලයේ සිටිනතෙක් රටට හානිවන කිසිදු විදේශිය ගිවිසුමකට අත්සන් තබන්න දෙන්නේ නෑ – ජනපති

6 July 2019
in දේශීය

රටේ ස්වාධීනත්වයට හා ස්වෛරිත්වයට අභියෝගයක් වන මෙන්ම රටට නොගැළපෙන කිසිදු ආකාරයේ විදේශීය ගිවිසුමකට කිසිදු බලවතෙකු සමඟ අත්සන් තැබීමට තම නිල කාලය තුළ ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

රට පාවා දෙන සෝපා, මිලේනියම් චැලේන්ජ් ඇතුළු ගිවිසුම් කිහිපයක් සහ රටට නොගැළපෙන ඉඩම් පනතක් පිළිබඳ මේ වන විට සමාජයේ කතා බහක් ඇතිව තිබෙන අතර සාකච්ඡා සහ සංවාද කුමන අන්දමින් පැවැතිය ද රටට හානි වන සහ රටට නොගැළපෙන එබඳු කිසිදු ගිවිසුමකට එළැඹීමට තමා ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (06) පෙරවරුවේ බිබිල මහජන ක්‍රීඩාංගණයේ පැවති රට වෙනුවෙන් එකට සිටිමු මොනරාගල දිස්ති‍්‍රක් වැඩසටහනේ ප‍්‍රගති සමාලෝචනය සහ සමාප්ති වැඩසටහනට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ ජාතික ඛේදවාචකයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කිරීමට තමා නායකත්වය ගෙන සිටින විට දේශපාලන භේදයකින් තොරව රටේ ප‍්‍රබල දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරින් ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැකීමට ඉදිරිපත්ව සිටින බවයි.

එහි ප‍්‍රතිඵල තවත් වසර කිහිපයකින් මේ රටේ අහිංසක දරුවන්ට අත්විඳීමට සිදුවනු ඇති බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා කුමන ආකාරයෙන් පෙනී සිටිය ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා ගත් තීරණයට එරෙහිව අද අධිකරණයට යන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ඔවුන්ගේ මුදලට යට වූ පිරිස් බව ද කියා සිටියේය.

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් රටට සිදුව ඇති විනාශය සුළු කොට තැකිය නොහැකි අතර මත්ද්‍රව්‍ය උවදුර ජාතික ඛේදවාචකයක් දක්වා අද ඔඩු දුවා ඇත්තේ මෙතෙක් රටේ බලයට පත්වූ කිසිදු රජයක් තම දේශපාලන අරමුණු හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි සටන අතට නොගත් නිසා බව ද කියා සිටියේය. අද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව තමා ගෙන යන ප‍්‍රබල සටන හේතුවෙන් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමේ පැහැදිලි පසුබෑමක් දක්නට ලැබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

දුෂ්කර පළාත්වල ජීවත්වන ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු ගැටලු හඳුනාගෙන එම ගැටලු විසඳීම සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවා තිබෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ පස්වැන්න පසුගිය පළමු වැනිදා මොණරාගල දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරිණි. මොණරාගල දිස්ති‍්‍රක්කයට අයත් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11කට අයත් ග‍්‍රාම නිලධාරි වසම් 319ක් ආවරණය කරමින් මෙම වැඩසටහන සතියක් පුරා කි‍්‍රයාත්මක වූයේ දිස්ති‍්‍රක්කයේ 479,000 ක් ජනතාවට ප‍්‍රතිලාභ රැසක් සලසමිනි. අද පැවති සමාප්ති වැඩසටහනේදී ද දිස්ති‍්‍රක්කයේ ජනතාව වෙනුවෙන් ප‍්‍රතිලාභ රැසක් බෙදාදීම ජනාධිපතිතුමා අතින් සනිටුහන් කෙරිණි.

මේ අතර දිස්ති‍්‍රක්කයේ වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාවගේ ප‍්‍රතිකාර සහ සායනික සේවාවන් ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 36ක වියදමින් වැල්ලවාය මූලික රෝහලේ ඉදිකර ඇති වකුගඩු ඒකකය අද දුරස්ථ සන්නිවේදන තාක්ෂණය ඔස්සේ ජනතා අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

පරිසරය පිළිබඳ වගකීම් සහිත ලියවිල්ල මෙහිදී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවපි‍්‍රය මහතා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුමබණ්ඩාර, දයා ගමගේ යන මහත්වරුන් ද ඌව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා, රවින්ද්‍ර සමරසිංහ, මහින්ද අමරවීර, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් ද, ජනාධිපති ලේකම්, මොනරාගල දිස්ති‍්‍රක් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ පොලිස්පති, ති‍්‍රවිධ හමුදා ප‍්‍රධානින් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් ද ප‍්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 11
Previous Post

සජිත් නායකත්වයට සුදුසු බව දයා කියයි

Next Post

කළු ජූලිය සුදු කළා – ඇමති මංගල

editor

editor

Next Post

කළු ජූලිය සුදු කළා - ඇමති මංගල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved